ශ්රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ ඉන්දීය පිලට එරෙහිව පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පෙරහුරු තරගය මේ මස 13 වැනිදා පෙරවරු 9.30 සිට කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෙරහුරු තරගය මේ මස 15 වැනිදා පෙරවරු 9.30 සිට කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වීමට නියමිතය.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 18 වැනිදා පස්වරු 7.30 ට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී මේ මස 26 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ලංකා කාන්තා පිල සහ පාකිස්තානු පිල අතර පුහුණු තරගය මේ මස 22 වැනිදා එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පළමු වරට සහභාගි වන අෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පුහුණු තරගය මේ මස 15 වැනිදා පෙරවරු 9.30 සිට කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග 13 දා සිට ඇරඹෙයි
වරුණ Monday, 10 September 2012 11:19 AM
SLPL වලට වඩා හොඳට තියේවි තරඟ ටික...(ස)
ශ්‍රිනිත ලක්චාන් Monday, 10 September 2012 12:38 PM
පුහුණු තරඟ ටිකත් tv එකේ පෙන්නුවොත් හොඳයි. .(ස)
චන්ද්‍රසිරි Monday, 10 September 2012 12:56 PM
ක්‍රිකට් මැච් ලෝකයක්...(ස)