IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැස්සයි පොලිස් බල්ලයි ලක්ෂ 25 බේරයි

අනුරාධපුර සාලිය පුර මාවතේ ආයතනයක සේප්පුවක් මහ වැසි මැද විල්බැරෝවකින් ද, පසුව කුඩා ලොරියකින් ද රැගෙන ගිය සොරුන් පැය හයක් ඇතුළත අල්ලා ගැනීමට අනුරාධ පුර පොලීසියේ නොවිසඳුණු අපරාධ අංශය සමත් විය.

සෙනසුරාදා අලුයම මේ සේප්පුව සොරා ගෙන ඇත. සොරුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එම ආයතනයේ සේවකයන් බවත්, රුපියල් විසිපන් ලක්ෂයක් එහි තිබුණු බවත් පොලීසිය කියයි.

මහ වැස්ස නිසා වැව් බැම්මක් මත තිබූ වීල්බැරෝ රෝද සලකුණු ද පොලිස් බල්ලන්ගේ ඉව ද, බුද්ධි අංශ තොරතුරුද අනුව සේප්පුව ද, විල් බැරෝවද, ලොරිය ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.



අදහස් (0)

වැස්සයි පොලිස් බල්ලයි ලක්ෂ 25 බේරයි

උපන්ත Tuesday, 25 December 2012 10:59 PM

රටට ඕනකරන මේ වගේ පොලිස් නිලධාරීන්.. සහාය උන සියළු දෙනාටම සුභ පැතුම්..!(නු)

:       0       0

උද්දික Monday, 24 December 2012 09:18 AM

හොඳ වැඩක් .හොරුන්ට ඇප ලබා නොදෙනවානම් තමයි හොඳ. (ස)

:       0       0

මුතු Sunday, 23 December 2012 02:08 PM

මේ දිනවල ගංවතුර සුළං නායයෑම් වලින් විපතට පත් නිවාසවල වටිනා බඩුබාහිරාදිය ආරක්ෂාකර ගැනීම තමතමන් සතු වැදගත් කටයුත්තක් වෙනවා, මන්ද ව්‍යවසනයන් වැඩිවෙන තරමට මෙවැනි අවස්ථාවාදී සොරුන්ගෙන්ද අඩුවක් නොවන බැවිනි. (ස)

:       0       0

අතාවුද Sunday, 23 December 2012 02:38 PM

බල්ලගේ වැඩේ මිනිස්සුන්ට බැහැනේ. (නි)

:       0       0

සෝමසිරි Sunday, 23 December 2012 02:48 PM

හොදයි හොදයි බොහොම හොදයි එහෙම තමයි වෙන්න ඕනි. (ස)

:       0       0

අනුර Sunday, 23 December 2012 02:55 PM

අපේ රටේ නම් ඉතින් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 02:55 PM

පොලිසියවත්, පොලිස් බල්ලන්වත් කිසි දිනෙක නොමග යැවීමට නොහැක. (නි)

:       0       0

රුවන් Sunday, 23 December 2012 03:37 PM

නියමයි (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 23 December 2012 03:43 PM

කට්ටියටම නත්තල සරු වේවි. (නි)

:       0       0

බටුවන්තුඩාව Sunday, 23 December 2012 05:07 PM

එම පොලිස් නිලධාරීන්ට අපගේ උත්තමාචාරය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site