IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙස්සන්තර තොරණක් ඩාවින් නුවර

ඕස්ට්‍රේලියාවේ උත්තර ප්‍රාන්තයේ අග නගරය වන ඩාවින් නගරයේ  අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී වෙසක් උත්සවයක් පැවැත්විණි. ශ්‍රී ලාංකිකයෝ 500 ක් පමණ  එහි සිටියහ. වැඩිහිටියෝ හා ළමෝ 35 දෙනෙක් පමණ සිල් සමාදන් වුහ.

 විසුද්ධි චිත්ත හිමි  හා විසුද්ධා  මෙහෙණිය ආගමික  වතාවත් කළහ.

 සමිත මහතා හා  ඔහුගේ  හිතවතුන් පිරිසක්  විසින්  වෙස්සන්තර ජාතකය  නිරූපනය කරමින්  අඩි 30 ක් පමණ  උස තොරණ ඉදි කැරිණි.  මෙහි කතාවස්තුව සිංහල හා  ඉංග්‍රීසි භාෂාවන්ගෙන් විකාශනය විය.

 ශ්‍රී ලාංකික සම්භවයක් ඇති  විසුද්ධා මෙහෙණිය ඉංග්‍රීසි භාෂාවෙන් කළ ධර්ම දේශනය  ඇසු ඕස්ට්‍රේලියා  ජාතික  ආරාධිත අමුත්තන් කියා සිටියේ  තමන් බුදු දහම ගැන තව දුරටත් හැදැරීමට බලාපොරොත්තු වන  බවයි. ඉන් අනතුරුව ළමා හා වැඩිහිටියන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් භක්ති ගීත ගායනා කළහ.

 පැමිණි සිටි  250 ක් පමණ වු  පිරිස වෙනුවෙන්  ලංකාවේ  ආහාර පාන දන්සැලක්  ද පැවැත්විණි.

 

 

 



අදහස් (0)

වෙස්සන්තර තොරණක් ඩාවින් නුවර

අනිල් ගුනවර්දන Sunday, 16 June 2013 05:58 PM

මට හරිම සතුටුයි ලංකාවේ අය මේ කරපු දෙය ගැන. මගේ නංගි ඇයගේ දුවත් සමග භක්ති ගීත වලට පියානෝ එක වයමින් සහභාගී වී සිටින අන්දම මට හරිම ආඩම්බරයක්. මගේ අම්මා ඉහලම දායකත්වයක් දැරීම හරිම සතුටක්.(නදී)

:       0       0

මුදලිගේ අනිල් ගුණවර්ධන Sunday, 16 June 2013 06:04 PM

මට ගොඩක් සතුටුයි. (ත)

:       0       0

රමය Thursday, 13 June 2013 07:34 AM

හරි ලස්සනයි. පිටරටකදී ලංකාවේ වගේ ජීවත් වෙනවා දකින්නත් ආඩම්බරයි. තවත් මෙවැනි වැඩ කරන්නට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

සෝමදාස Saturday, 26 April 2014 09:37 AM

හරි ලස්සනයි. (අ)

:       0       0

සෝමදා Saturday, 26 April 2014 10:32 AM

හරි ලස්සනයි. බන්දුල මහටත් අපගේ ස්තුතිය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site