IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


වාසලකෝට්ටේ ශා.අන්තෝනි - මැදබැද්ද ම.වි. 15 න් පහළ අත්පන්දු ශූරතා දිනයි

ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය සංවිධානය කළ ‘නියෝ අභියෝග කුසලාන’ සමස්ත ලංකා පාසල් වයස 15 න් පහළ අත්පන්දු තරගාවලියේ බාලක කුසලාන ශූරතාව දිනා ගැනීමට ගලේවෙල වාසලකෝට්ටේ ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. බාලිකා කුසලාන ශූරතාව වාසලකෝට්ටේ මැදබැද්ද මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩාංගණයේදී පසුගියදා (5) නිමා වු මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 32 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සහභාගිවිය. කුසලාන බාලක අවසන් තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ශාන්ත අන්තෝනි විදුහල ගෝල 6/5 ක තියුණු ජයක් ලැබීය. ඉසිපතන විදුහල් ‘ඒ’ පිලට බාලක තෙවැනි ස්ථානය හිමිවිය. කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ මැදබැද්ද මහා විද්‍යාලය අතර පැවැති කුසලාන බාලිකා අවසන් තරගයේදී මැදබැද්ද මහා විද්‍යාල පිල ගෝල 7/0 ක පහසු ජයක් ලබා ගත්තේය. නුගේගොඩ අනුලා විදුහල එහි බාලිකා තෙවැනි ස්ථානය ලැබීය. ඒ අනුව පසුගිය වසරේ පැවැති මෙම තරගාවලියේ ශූරතා දිනාගත් බාලක හා බාලිකා විදුහල් දෙකම මෙවර අනුශූරතාවයෙන් සෑහීමට සිදුවිය. මෙවර තරගාවලියට පළමුවරට සහභාගිවු යාපනයේ වික්ටෝරියා විදුහල බාලක පළඟ ශුරතාව දිනා ගැනීම කැපී පෙනේ. තරගාවලිය කුසලාන, පළඟ සහ බඳුන ලෙස කොටස් තුනකින් පැවැත්විණ. සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට (2012) අනුග‍්‍රහය දක්වන නියෝ හෝම්ස් පුද්ගලික සමාගම මෙම තරගාවලියට ද අනුග‍්‍රහය දැක්වීය. නියෝ හෝම්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී නීල් සුරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. සෙසු අවසන් තරග ප‍්‍රතිඵල: ● පළඟ ශූරතාව (බාලක, අවසන් තරගය) යාපනය වික්ටෝරියා විදුහල විසින් කොළඹ ඞී.එස්.සේනානායක විදුහල් ‘බී’ පිල පරාජය කරන ලදී. (ගෝල 2/1) තෙවැනි ස්ථානය: පානදුර රාජකීය විදුහල් ‘ඒ’ පිල ● පළඟ ශූරතාව (බාලිකා, අවසන් තරගය) කොළඹ බෞද්ධ කාන්තා විදුහල විසින් රාහුල බාලිකා විදුහල පරාජය කරන ලදී. (ගෝල 4/1) තෙවැනි ස්ථානය: ධර්මරාජ විදුහල ● බඳුන ශූරතාව (බාලක, අවසන් තරගය) කොළඹ නාලන්දා විදුහල් ‘ඒ’ පිල විසින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ‘ඒ’ පිල පරාජය කරන ලදී. (ගෝල 2/1) තෙවැනි ස්ථානය: ඉසිපතන විදුහල් ‘බී’ පිල ● බඳුන ශූරතාව (බාලිකා, අවසන් තරගය) දේවි බාලිකා විදුහල විසින් බොරලැස්ගමුව මහා විද්‍යාලය පරාජය කරන ලදී. (ගෝල 6/1) තෙවැනි ස්ථානය: කිරිවන්තුඩුව විජයවර්ධන විද්‍යාලය නියෝ හෝම්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී නීල් සුරවීර මහතා අතින් ශාන්ත අන්තෝනි විදුහල් පිලේ නායක ක‍්‍රිෂාන් දිලංක සහ මැදබැද්ද විද්‍යාලයීය පිලේ නායිකා දසුනි සංජනා කුසලාන ශූරතාව ලබාගත් අයුරු. පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා ද මෙහි සිටියි. (ඡායාරූපය: ගයාන් අමරසේකර)



අදහස් (0)

වාසලකෝට්ටේ ශා.අන්තෝනි - මැදබැද්ද ම.වි. 15 න් පහළ අත්පන්දු ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 166 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2274 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site