වසර 11 කට පසුව ශ්‍රී ලංකාව 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී සහය දිවීමේ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. තරගාවලිය නිමාවට පත් වූ අද (12) පස්වරුවේදී මීටර් 4-400 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මෙම තරගාවලියේදී වඩාත්ම අවධානය යොමු වූ ඉසව්වක් වන මීටර් 4-400 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායමට සුබෝධනී කුමාරි, නදීෂානි ෆන්ඩර්සන්, පී.බී. හංසනී හා ෂිවන්ති කුමාරි ඇතුළත් වූහ. ඔවුන් විනාඩි 3 තත්ත්පර 46.76 කට රිදී පදක්කම හිමිකර ගත් අතර කසකස්තාන කණඩායම විනාඩි 3 තත්ත්පර 43.49 කින් තරගය නිම කරමින් රන් පදක්කම දිනා ගත්තේය.ශ්‍රී ලංකාව මෙම රිදී පදක්කම දිනා ගැනීමත් සමගම නිමාවට පත් වූ 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් මුළු පදක්කම් හයක් දිනා තරගාවලියේ හත් වැනි ස්ථානයට පත් විය.
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වසර 11 කට පසුව ශ්‍රී ලංකාවට සහය දිවීමෙන් පදක්කමක්
අනූ Tuesday, 12 June 2012 09:43 PM
සුභ අනාගතයක් අපේ මළල ක්‍රීඩාවට දර්ශා... සුසන්තිකාගෙන් පස්සෙ දකින්න ලැබීම ගැන සතුටුයි..
මනොජ් Wednesday, 13 June 2012 02:17 PM
ඔබලා මව් බිමට ගෞරවයක්...සුභ පැතුම්.
නිශාඩ් පෙරේරා Wednesday, 13 June 2012 09:02 AM
අනේ අහන්නත්, දකින්නත් සන්තෝශයි .මේ දැරිවියන්ට ක්‍රීඩාව දියුණු කරන්න කවුරු හරි උදව් කරන්න....
බණ්ඩාර Wednesday, 13 June 2012 10:13 AM
මම ඔබගේ සේවය අගය කරනවා