ශ්රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර 2011 වසරේ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායකයත්වය සඳහා තෝරාගනු ලැබ ඇත. වසරේ ටෙස්ට් පිලට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලංකා කී‍්‍රඩකයා වන සංගක්කාර එහිදී කඩුලූ රකින්නා ද වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ක‍්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත වසරේ ටෙස්ට් ක‍්‍රිකට් පිල අද (26) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන ලදී. එහිදී නායකත්වයට පත් වු සංගක්කාර වසරේ ටෙස්ට් පිලට ඇතුළත් වු දෙවැනි අවස්ථාව ද මෙයවේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලට නිර්දේශවී සිටින එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා වන්නේ ද කුමාර් සංගක්කාරය. ඔහු එහිදී වසරේ හොඳම එක්දින කී‍්‍රඩකයා සහ වසරේ ක‍්‍රිකට් ජනපි‍්‍රයම ක‍්‍රීඩකයා සම්මානය සඳහාද නිර්දේශවී සිටියි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සම්මේලන වසරේ ටෙස්ට් පිල (පිතිකරු පිළිවෙලට):
ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය), හසීම් අම්ලා (ද.අප‍්‍රිකාව), ජොනතන් ටූට් (එංගලන්තය), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව, නායකයා සහ කඩුලූ රකින්නා), ඒ.බී. ඩිවිලියර්ස් (ද.අප‍්‍රිකාව), ජැක් කලිස් (ද.අප‍්‍රිකාව), ස්ටුවට් බ්‍රෙඞ් (එංගලන්තය), ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය), ඬේල් ස්ටේන් (ද.අප‍්‍රිකාව), ජෙම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) සහ සහීර් ඛාන් (ඉන්දියාව)
2025 නොවැම්බර් මස 17
94
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වසරේ ලෝක ටෙස්ට් පිලේ නායකත්වය සංගක්කාරට
මධුෂාන් හරෂණ ප්‍රමෝද් Sunday, 28 August 2011 03:55 AM
අපේ සංග එළ කොල්ලෙක්. එහෙම තමයි ලංකාවේ කොල්ලන්ගේ වැඩ.