IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘‘වසර දෙක තුනකින් විදුලි බිල පහත දමනවා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

අපනයනකරුවන් ජාත්‍යන්තරය සමග තරඟ කිරීමේදී තමාගේ නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බව දන්නා හෙයින් වසර දෙකක්, තුනක් වැනි කාලයකදී දැනට තිබෙන විදුලි බිල ඉහළ පහල යන ක්‍රමය වෙනස් කරමින් විදුලි බිල සියයට 30 කින් අඩුකිරීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව රජය දැනුම් දුන් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ඒ තුළින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරන මොහොතක ඒ සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජය අපේක්ෂාව බවද ඔහු පැවසුවේය.

තාවකාලික ගැලපීම් හේතුවෙන් වසර මුලදී විදුලිය ගාස්තුව අඩු කිරීම හේතුවෙන් සහනයක් ලැබුණු බවත් විදුලි පනත අනුව පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීමේ ක්‍රමවේදය හේතුවෙන් මෙම අවස්ථාවේදී විදුලිය ගාස්තුව වැඩි කිරීමට සිදුවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීමේ ක්‍රමවේදය වත්මන් රජය හඳුන්වා දුන් දෙයක් නොවන බවත් පිරිවැයට සාපේක්ෂව මිල ගැලපීම රටේ අවශ්‍යතාවක් බවත් ඔහු පැවැසුවේය.

විදුලිය ජනනය, නිෂ්පාදනය, බෙදාහැරීමේ සහ අධීක්ෂණය යටතේ පිරිවැය ගැලපීමට විදුලි ගාස්තුවට සංශෝධන ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට රට බැඳී සිටින බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

සියයට 15 කින් විදුලි බිල වැඩිකිරීමෙන් නිෂ්පාදන පිරිවැයට බලපෑමක් එල්ල වන බව රජය දන්නා බවත් පුළුවන් සෑම අවස්ථාවකදීම අමතර සහන ලබාදීම මගින් මූල්‍ය පිරිවැය අඩු කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 



අදහස් (13)

‘‘වසර දෙක තුනකින් විදුලි බිල පහත දමනවා‘‘

යෝගා Thursday, 12 June 2025 09:23 PM

ඔව්, අපගේ ගෝලීය ගැනුම්කරුවන් තව අවුරුදු දෙක තුනක් කට්ට කාගෙන, අපේ භාණ්ඩ ඉතා අධික මිලට ආනයනය කිරීමට තීරණය කල බව පැලවත්තේ මොන්ටිසෝරියට දන්වා ඇත. ඒ නිසා අපනයන ක්ෂේත්‍රයේ රැකියා ඉතා සුරක්ෂිත බව සියලු සේවකයන්ට සතුටින් දන්වා සිටිමු.

:       2       22

Niranga Thursday, 12 June 2025 09:39 PM

ඕක පුද්ගලීකරණය කරන්න .හොරු ඉන්නේ ඕකේ . ලෝක හොරු

:       0       9

ravin Thursday, 12 June 2025 09:41 PM

දිව්‍ය ලෝකයේද නැතිනම් අපායේද විදුලි බිල දුවන්නේ

:       1       10

Nandana Thursday, 12 June 2025 10:18 PM

එතකොට ඔයගොල්ලෝ ඉඳී ද ?

:       1       18

Krishan Friday, 13 June 2025 04:56 AM

සිහින ලොවේ මායාව තිරේ විදුලි බිල අඩුවිම සිහින ලොවේ

:       0       14

Krishna Friday, 13 June 2025 08:26 AM

මේ යන විදියට දෙක තුනක් තියෙයිද මේ ආණ්ඩුව...ආන්න ඒකයි පස්නේ...

:       0       17

Senarath Friday, 13 June 2025 08:33 AM

මහ මැතිවරණය ලන්වෙනකොට ද ?

:       0       16

No name Friday, 13 June 2025 10:44 AM

දවල්ද ?

:       0       5

අරවින්ද මොණරවිල Friday, 13 June 2025 10:54 AM

රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ වහලුන්ට අමතක වෙලා වැඩ බැරි කජු සීයාගේ කාලයේ සීයට 70 කින් විදුලි බිල වැඩි කෙරුව බව ඒ වගේම විදුලි බිල වැඩි වෙන්නේ පාර්ලිමේන්තු සම්මත කල නීතියකට අනුකූලව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවයන්ට අනුකුලව කියලා. මේ කිසිවක් ජාතික ජනබල වේගය ආණ්ඩුවක් විසින් සම්මත කල නීති හො ඇතිකර ගත් එකගතාවයන්ද නොවේ. ඒවා සියල්ලම රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලි විසින් ඇතිකරගත් නීති හා එකගතාවයන්. ඒ වගේම මේ රට ණය අර්බුදයකට හසු කරලා බංකොලොත් බවට පත් කෙරුවේ ඔය තක්කඩි කල්ලියම තමයි. ඒ නිසා ඔවුන්ගේ වහලුන්ට ජාතික ජනබල වේගය ආණ්ඩුව රටේ අනාගතයේ යහපැවැත්ම සදහා හා දැනට රටේ තිබෙන නීති රීති

:       7       0

nandanaFriday, 13 June 2025 04:02 PM

අනේ මොනරවිල ඔහේ තදබල ඩිමෙන්ශියාවෙන් පෙළෙන අයෙක් වගේනේ කතාකරන්නේ... 1960 පමණ ඉඳන් ආපු හැම ආණ්ඩුවකින්ම කකුලෙන් ඇදලා, කිසිම ආයෝජකයෙකුට වැඩක් හරියට කරගන්න නොදී මේ රට මේ අගාධයට ඇද දැමුවේ කවුද කියලා මොලේ තියෙන මිනිස්සු දන්නවා. කජුසීයා එක්ක හැරෙන්නවත් ඔහෙලාගේ කයිය නායකලාට බැහැ. පණමින් හිටිය ලෙඩාට බෙහෙත් දෙන්න බයේ එදා ඇඳයට හැංගුණු අය එම ලෙඩාව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරන්න පුළුවන් තැනට සනීප කලේ කජු සීයා බව කුහක නොවන ඕනෑකෙනෙක් පිළිගන්නවා. ඔහෙලගෙ කයිය නායකලා වැඩ කාරයෝ නම් එදා ඇඳයට හැඟෙන්නේ නැතිව මේක ගන්න තිබුනනේ? එහෙනම් ඔය කියන ගිවිසුම් කිසිවක් නැහැනේ.

:       0       2

so sad Friday, 13 June 2025 11:51 AM

අවුරුදු දෙක තුනක් ගිහිල්ලා අඩුකරද්දී බබා හම්බෙලා තියෙයි.

:       0       10

prasanna Friday, 13 June 2025 02:35 PM

චන්ද කිට්ටු කරලද ?

:       0       5

don Friday, 13 June 2025 08:43 PM

වසර දෙක තුනකින් නෙවෙයි, ඊළඟ ඡන්දෙ කට ළඟ තියලා ඡන්දෙ ඉවර වෙනකන් විතරක් අඩු කරන්න. ඊට පස්සේ ඡන්දය ඉවර වුණු සැණින් බලය ලබාගෙන ආයේ වැඩි කරන්න. අපි ඡන්දය දෙන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site