IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි

(අංජුල මහික වීරරත්න)

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූයේ යැයිද තමාගේ ද උත්සාහය වන්නේ පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ජූලි මාසයේ දී තමා රට බාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර එවිට රටද බොහෝ තරඟ පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය. නමුත් පැවති තත්ත්වය වෙනස් කර රටෙි ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස හතේ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි. ඉදිරි වසර දෙක ඇතුලත දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. කොළඹ ශාන්ත‍ තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විශාඛා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසැල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 700ක් පමණ සහභාගි වී සිටියහ. ඉන්ටරැක්ට් ගෝලීය තරුණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන සහයෝගය සහ සහභාගීත්වය අගය කරමින් ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපතිනි (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) පුබුදු ද සොයිසා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලාංඡනයක් පැළඳ වූ අතර ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුවේ සභාපති අබ්දුල්ලා සිද්දීක් විසින් සමරු ඵලකයක්ද පිරිනැමීය.



අදහස් (6)

වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි

swene Sunday, 19 March 2023 09:21 PM

සුරංගනා කතා කිය කියා ඉන්නවා. අර walksvagan factory යට මොකද උනේ?

:       7       7

විපරමා Monday, 20 March 2023 03:22 AM

පින් ජනපතියා තව අවුරුදු 2 ක් ඉන්ඩ වගේ හිතාගෙන ඇති. පෝලිම් නැත්තේ ලෝකෙටම ණය වෙලා වැඩ කරන හින්දා. බදු පිට බදු වැඩිකෙරුවේ නිකම්ද ?

:       7       9

Perera Monday, 20 March 2023 09:37 AM

මෙයාට අවුරුදු 45ක් තිස්සේ කරන්න බැරිවුණු දේ තව අවුරුදු දෙකකින් කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි.

:       1       5

Samitha Senaka Aluthgamage. Monday, 20 March 2023 11:01 AM

ඒත්,පුදුමය කියන්නේ ... හොරුන් ගැන හෝ ඔවුන් හොරා කෑ දේ ගැන කිසිදු වගේ වගක් නැතිව සිටීමයි.හොරුන් අල්ලා ඔවුන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කළහොත් අප ඔබතුමාව පිළිගන්නවා.

:       2       12

kamal Monday, 20 March 2023 12:03 PM

ඉතාම වැදගත් ඊළඟ පරම්පරාවත් දැන් ඉන්න එවුන් වගේම ගොනාට ඇන්දවීම. කල්තියලම පටන්ගත්තාම මුන් 18 වෙනකොට හරි ගානට දක්කන්න පුළුවනි.

:       2       6

fairoos Monday, 20 March 2023 12:53 PM

පොඩි ළමයි රැවටෙයි ඔවට

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site