මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව, වසර දෙකක කාලයක් තිස්සේ, ටෙස්ට් තරගාවලියක ජයග‍්‍රහණයක් සොයමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානු පිලට එරෙහිව අද ගාල්ල පිටියට පිවිසෙන්නේ මහත් බලාපොරොත්තු පෙරදැරිවය.
මුරලිදරන්ගේ සමුගැනීමෙන් අනතුරුව ටෙස්ට් තරගාවලි හතකදී ටෙස්ට් තරග 19 කට සහභාගි වූ නමුත් ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත්තේ ඉන් තරග දෙකක් පමණි. එදා මෙදා තුර, තරග 7ක් පරාජය වී තරග 10 ක් ජය පරාජයෙන් තොරව නිමකරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙළිය හැකි වූයේ එංගලන්ත පිලට එරෙහිව පසුගිය මාර්තු - අපේ‍්‍රල් මාස වලදී පැවැති ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම නිසාය.
මුරලිදරන්ගේ සමුගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිල ලද පසුබෑම නිසා මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස සිටී.
ශී‍්‍ර ලංකා පිල අවසන් වරට ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර 2009 දී නවසීලන්ත පිලට එරෙහිවය. එබැවින් ශී‍්‍ර ලංකා පිල අද සූදානම් වන්නේ පැරණි අතපසුවීම් අකාමකා දමා තරගාවලි ජයක් ලබාගැනීමේ සවිමත් අඩිතාලමක් දැමීමටය.
ඒ සඳහා ඉතාමත් වාසිදායක වාතාවරණයක් සැකසී තිබේ.
කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී නියමිත කාලය තුළ ඕවර 50 යවා නිම කිරීමට අපොහොසත් වීම හේතුවෙන් තරග තහනමකට ලක්ව සිටින පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් අද තරගයට සහභාගි නොවන අතර ශී‍්‍ර ලංකාවට එරෙහිව නිතරම හොඳින් කී‍්‍රඩා කරන කී‍්‍රඩකයකු වන සහීඞ් අෆ්රීඩි ටෙස්ට් සංචිතයට ඇතුළත්ව නැති හෙයින් ඔහු නැවතත් පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබේ.
පාකිස්තානු පිලේ ඉතිරිවී සිටින කී‍්‍රඩකයන් අතුරින් නායකත්වයේ අත්දැකීම් ඇති යුනිස් ඛාන් නැවතත් පාකිස්තානු නායකත්වය බාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට ඇත. මෙම තත්ත්වය මත පාකිස්තානු පිලේ විස්සයි/20 නායකයා වන මොහොමඞ් හෆීස්ට මෙම ටෙස්ට් තරගයේදී නායකත්වය බාරගැනීමට සිදුවී තිබේ. එසේ වුවද හෆීස් ලකුණු අතර සිටින කී‍්‍රඩකයකුද නොවේ. විස්සයි/20 තරග දෙකේදීම ලකුණු 24 ක් පමණක් ලබාගත් හෆීස්, එක්දින තරගාවලියේදී ලකුණු ලබාගත් ආකාරය වන්නේ 2,14,0,0, සහ 6 ක් වශයෙනි.
තත්ත්වය වඩාත් නරක අතට හරවමින් ඊයේ (21 වැනිදා) පෙරවරුව වන විට පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය අතර කිසියම් ගැටුම් සහගත බවක් නිර්මාණය වී තිබුණු බවද දැනගන්නට තිබේ. ඊට ආසන්නතම හේතුව බවට වාර්තා වන්නේ පාකිස්තානු පිල එක්දින තරගාවලියේදී ලද පරාජයයි.
කෙසේ වෙතත් පාකිස්තානය කිසිදු ලෙසකින් අවතක්සේරු කළ හැකි කණ්ඩායමක් නොවේ. ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පසුගිය ඔක්තෝබරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව සහභාගි වූ ටෙස්ට් තරග 5 ම ජයගැනීමට පාකිස්තානු පිල සමත් විය. එහි විශේෂත්වය වන්නේ ලෝකයේ ශ්‍රේණිගත අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම වන එංගලන්ත කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 3-0 ක් ලෙසින් පරාජය කිරීමට පාකිස්තානුවන් සමත් වීමයි.
මෙම ජයග‍්‍රහණ වැලටම පාර කියා දුන් පිට දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් පසුගිය වසරේ වැඩිම ටෙස්ට් කඩුලූ සංඛ්‍යාවක් (කඩුලූ 50) ක් දවාගත් පන්දු යවන්නා වන අතර මේ වසරේදීත් මේ දක්වා ටෙස්ට් තරග 3 කදී කඩුලූ 24 ක් දවාගැනීමට සමත් වී සිටී.
එක්දින තරගාවලියේදී දක්වන ලද දස්කම් හේතුවෙන් තිසර පෙරේරා සහ නුවන් කුලසේකර නැවතත් ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර ඇති අතර නුවන් ප‍්‍රදීප් වෙනුවට නුවන් කුලසේකර අද තරගයට කැඳවීමේ විශාල ඉඩකඩක් තිබේ.
මහේල ජයවර්ධන ඊයේ දහවල් ගාල්ලේදී පැවසූ ආකාරයට පසුගිය මාස හයක කාලයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ දක්නට ලැබුණු සංයුතියට වැඩි වෙනසක් අද තරගයේදීත් නොවනු ඇත. එවන් තත්ත්වයක් යටතේ තරංග පරණවිතාන නැවත වතාවක් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසෙනු ඇත.
එසේ වුවත් දණහිසේ සැත්කමකට ලක්වීම නිසා විවේක ගනිමින් සිටි රංගන හේරත් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පිටියට පිවිසීමේ වැඩි ඉඩකඩක් තිබේ.
ඔහු (රංගන) ඉතාමත් හොඳින් පන්දු යවනවා. කිසිම අපහසුතාවක් නෑ”
අපට ඕනෑ කළේ ඔහුට කිසියම් විවේකයක් දීම පමණයි. එත් හෙට තරගය සඳහා පෙළ ගැසී සිටින කී‍්‍රඩකයන් අතරට ඔහු නිසැක වශයෙන්ම එක්වේවි” යයි මහේල පැවසීය.
ශී‍්‍ර ලංකා සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන(නායක), තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, චානක වෙළගෙදර, දිනේෂ් චන්දිමාල්, නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්
පාකිස්තානු සංචිතය
මොහොමඞ් හෆීස් (නායක), අබ්දුර් රෙහෙමාන්, අසීස් චීමා, අසාඞ් ශෆීක්, අසාර් අලි, ෆයිසාල් ඉක්බාල්, ජුනයිඞ් ඛාන්, මොහොමඞ් අයුබ්, මොහොමඞ් සමී, සයීඞ් අජ්මල්, තවුෆීක් උමාර්, උමාර් ගුල්, යුනිස් ඛාන්, අද්නන් අක්මල් සහ අෆාක් රහීම්
විනිසුරුවරු :
ඉයන් ගෝල්ඞ් (එංගලන්තය) සහ ස්ටීව් ඬේවිස් ( ඕස්ටේ‍්‍රලියාව)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වසර දෙකකට පසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ටෙස්ට් තරගාවලියක ජය සොයති