
( රංජිත් රාජපක්ෂ)
ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය.
වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමිමට ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක් ගෙට්ටුවකින් අගල් 2 ½ බැගින් ගේට්ටු 13 කින් ජලය වාන් දමන බව එම ඉංජිනේරුවරයා කියා සිටියේය.
එම ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි විමලසුරෙන්ද්‍ර ජලාශයද (22) දින මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමයි . ජලාශ දෙකම වාන් දමන නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක් ආසන්න වි ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පැවසිය.


2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසර තුනකට පසු කාසල්රී වාන් දමයි
Dharmatileke Thursday, 23 November 2023 01:17 PM
මෙච්චර වතුර තියන රටක, වතුර නැතිව දුක් විඳින්නේ ගැමි ජනතාව දකිනකොට බඩ යනවා.
රංබොඩ Thursday, 23 November 2023 01:51 PM
ෂඃ අපරාදේ... පෞද්ගලික බලාගාරවලින් මිල දී ගැනීම් කරන්න බැරි වෙනවා...!
චන්දිම ෆොන්සේකා Thursday, 23 November 2023 04:00 PM
මොලයක්, කල්පනාවක් පරිකල්පන හැකියාවක් තියෙන මිනිස්සු නම් මෙවැනි වැසි කාලයක මේ අපතේ යන ජලයෙන් දිවා රෑ විදුලිය නිපදවා කර්මාන්ත ශාලාවලට සහනමිලට හෝ නොමිලේ විදුලිබලය සපයා අඩු තරමින් මේ දින ටිකේවත් නිෂ්පාදන පිරිවැය අඩුකර රටට යම්කිසි විදේශ විනිමයක් හොයාගන්න තිබුණා. මේ දවස්වල කරන්න තිබුණේ දිවා රෑ කර්මාන්ත ශාලාවල වැඩ කරමින් ජාතික නිෂ්පාදනය වැඩි කර ගන්න. ජර්මනිය වගේ රටක නම් වායු සමීකරණ ශීතකරණ වගේ දේවලින් පිටවන උණුසුම් සුළඟ පවා වෙනත් වියළීමේ කටයුතු සඳහා යොදනවා. බල ශක්තිය නිකරුනේ අපතේ යවන්නේ නැති බවට හොඳ උදාහරණයක් ලෙසයි මම එහෙම කියන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ මොලයට තවම මේ වැහි කාලෙට උතුරායන ජලයෙන් රටේ ආර්තිකයට ප්‍රයෝජනයක් ගන්න එක ගැන හිතිලා නැහැ.