
ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.
ඉරානය "අපගේ කොන්දේසි පිළි නොගැනීමට" තෝරා ගත් බව වැන්ස් පවසන අතර, න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකිරීමට ටෙහෙරානයෙන් "මූලික කැපවීමක්" එක්සත් ජනපදයට දැකිය යුතු බව පැවසීය. සමසාක්ඡාවලින් අනතුරුව පාකිස්තානයෙන් පිටවීමට පෙර ඔහු ඒ බව පැවැසීය
සාකච්ඡා "දැඩි" බව පවසන ඉරාන විදේශ අමාත්‍යාංශය, "අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම්" වලින් වළකින ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර, පැවසුවේ ගිවිසුමකට එළඹීම හෝ නොකිරීම තමාට "වෙනසක් නොවන" බවත් "කුමක් සිදු වුවද, අපි දිනමු" යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ආයෙත් ආරම්භ වුණොත් ලංකාව වගේ පොඩි රටවල්වලට තමයි වැඩි බලපෑම.
නරුමයෝ දෙන්නෙක් ගේ ආතල් එකක් වෙනුවෙන් දහස් ගානක් මරුන, ලක්ෂ ගානකගේ රැකියා නැති වුනා. බිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත් වලට දැඩිව බලපානවා වායු, සමුද්‍ර දුෂණය ඔච්චරයි ඉතිරි !!