IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


වසන්ත - ලෝක වෙළෙඳ සංවිධාන තානාපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

යුරෝපීය සංගමයේ ලෝක වෙළෙඳ සංවිධාන (WTO) තානාපති ජෝඕ අගුවාර් මචාඩෝ (João Aguiar Machado) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී  ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයට (TPR) සමගාමීව මෙම හමුව සිදු කෙරිණි.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කිරීමට සමත් වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

 ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව දග තානාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද සමරසිංහ මහතා සඳහන් කළේය.

ඩිජිටල් වෙළෙඳාම, රේගු නවීකරණය, ධීවර කටයුතු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන ක්ෂේත්‍ර සඳහා වන සහයෝගීතාවය මෙන්ම තොරතුරු තාක්ෂණ සේවා, සංචාරක, සැපයුම් සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර වල අපනයන පුළුල් කිරීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා යුරෝපා සංගමයේ සහයෝගීතාවය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.



අදහස් (1)

වසන්ත - ලෝක වෙළෙඳ සංවිධාන තානාපති හමු වෙයි

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 16 October 2025 05:54 PM

ඔතනින් කවුද රතු සාරිය ඇඳලා ඉන්න කෙනාද? නිල් සාරිය ඇඳලා ඉන්න කෙනාද PRO වික්‍රමසිංහ? නෑ අපේ රටට ආපු වෙලාවේ කිටි කිටියේ හීතලේ හිමේ යන්න හරි හනිමූන් යන්න හරි ලැස්තිකරලා දෙන්නයි බැලුවේ...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site