ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට විශේෂ සැලැස්මක් සකස්කර ඇති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම සියළුම කටයුතු සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
මෙම ජාත්‍යන්තර උත්සවයේ ප්‍රධාන මෙහෙයුම් කමිටුවට අමතරව උපකමිටු ගණනාවක් පත් කෙරෙන අතර බෞද්ධ උපදේශ හා අධ්‍යාපන අනු කමිටුව, ජනමාධ්‍ය අනු කමිටුව, සංවිධායක ප්‍රචාරක අනු කමිටුව, මූල්‍ය පරිපාලන අනු කමිටුව, සංවිධාන මෙහෙයුම් අනු කමිටුව ඇතුළු අනු කමිටු ගණාවක් පත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වෙසක් දින ලේකම් කාර්යාලයක් පිහිටුවන්න යයි
රේණුකා Monday, 19 September 2016 10:59 AM
මේ නිමිත්තෙන් සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගයක් පවත්වනවානම් හොද අදහසක් එකටත් ඉතින් වෙසක් දින කාර්යාලයක් තිබීම වැදගත් වේවි (අ)
දිල්ෂාන් Monday, 19 September 2016 01:27 AM
ඒත් අජිත් රණසිංහ මේවා කරන්න ඕනෑම වැඩ. අපෙන් නම් සුබ පැතුම්! (නි)
සජීව Monday, 19 September 2016 02:55 AM
අර බුදුපිළිම කඩපු එකට මොකක්හරි ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද? (නි)
අමිල Monday, 19 September 2016 04:39 AM
අජිත් ඔයාට රජයෙන් වෙන්න මොනවා හරි තියනවද ? (බ)
ශෙහාන් Monday, 19 September 2016 05:47 AM
වෙසක් උත්සවය පැවැත්වීම නම් ඉතා හොඳ දෙයක්. එ්ත් ඔය කියන ලේකම් කාර්යාලය ගැන නම් ටිකක් හොයලා බැලුවොත් හොඳයි (නි)
අජිත් රණසිංහ Sunday, 18 September 2016 04:17 PM
මීටවඩා රටේ වැඩ නැද්ද කරන්න? මේවට මොනවාද කියන්නේ කියලා මටම තේරෙන්නේ නැහැ (නි)
පුජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Sunday, 18 September 2016 07:34 PM
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට හැකියාව උදාවේවා! (නි)