IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙසක් දන්සල් 282කට අවවාද

වෙසක් පොහොය නිමිත්තෙන්  අද   පවැත්වූ දන්සල් අතරින් 282 ක සංවිධායකයන්ට අවවාද කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා කියයි.

වෙසක් දින දෙක තුළ දන්සැල් පවත්වන්නේ  නම් ඒ බව දන්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මීට පෙර ඉල්ලීමක් කර තිබිනි. ඒ අනුව දිවයින පුරා දන්සැල 4876 ක් පවත්වන බව එම සංවිධායකයින් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දන්වා ඇත. නමුත් ඊට වඩා වැඩි දන්සැල් ප්‍රමාණයක් රට පුරා පැවති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මෙසේ පවත්වා ගෙන ගිය දන්සැල් අතරින් දන්සැල් 2424 ක් අද දහවල් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කළහ. ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1200 ක් සේවයේ යොදවා සිටිති.



අදහස් (0)

වෙසක් දන්සල් 282කට අවවාද

මුතුකුඩ Saturday, 25 May 2013 12:33 AM

සෆ්රාස් , ඔයා හිතවාද මුතුකුඩලා මෝල් ගස් වලින් ගුටිකයි කියලා. (නි)

:       0       0

කුමු Friday, 24 May 2013 05:12 PM

හොද වැඩක්. ඒත් පිළිවෙලට ,පිරිසිදුවට කලොත් ගොඩක් පින්. (නි)

:       0       0

කැලුම් Friday, 24 May 2013 06:32 PM

මේකටත් හොඳ වැඩක් කියලා දානවා, විශේෂයෙන් අනුර හැමදේටම(එහෙමයි). ප්‍රතිපත්තියක් නැහැ. අවුරුදු 2500 ක් තිස්සේ දන්සැල් දුන්න මේ රටේ මොකද මේ හදිස්සි පරීක්ෂණ? මේක මොකක්හරි කුමන්ත්‍රණයක්. අපිට තේරෙන්නෙ නැහැ, අවවාද දෙන්නේ හැමදාම දන්සල් දෙන්න කියලද (නි)

:       0       0

කණිෂ්ක Saturday, 25 May 2013 02:20 PM

දන්සල් නිකන් දෙන්නේ. ඔය සල්ලි ගෙවලා කන තැන්වල හොයලා බලන්න. කුස්සියට ගියාම කෑම එපා වෙනවා. පිනට දෙන දෙවල් වලට හොම්බ දානවා.(නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 25 May 2013 02:53 PM

අනේ පින් ඇති මහත්තුරුනේ කරපු දේ වැදගත්. නමුත් දන්සල් කියන්නේ මිනිස්සු නොමිලයේ කන්න දෙන තැන්නේ. දුර ගමන් සේවා බස් රියදුරන් මගීන්ගේ මුදලින් පිනට කන ආපන ශාලා ටිකත් පරීක්ෂා කරන්නකෝ. ඊයේ මම අනුරාධපුර සිට එද්දී වේවැල්දෙණියේ නෙව් බුහාරි හෝටලය ළඟ තමයි බස් එක නැවැත්තුවේ. රාත්‍රි 12 ට විතර ඇති මුත්‍රා කලේ මහා පාරේ අයිනේ. වැසිකිලි ඒ තරම්ම පිරිසිදුයි. බස් 5 ක් විතර නවත්වල තිබුනා. මට ඉතින් ඔබලාව විතරක් නෙවෙයි මේකට ගොඩනැගිලි අනුමැතිය දුන් වැඩ අදිකාරිය සහ පරීක්ෂකවත් මෙවැනි තැන් ගැන හොයනවා කියලා උඩු බුරන පරිපාලන ලොක්කන්වත් මතක් උනා.(නදී)

:       0       0

නිමල් Saturday, 25 May 2013 03:03 PM

සෆ්රාස මහත්තයෝ උසස් නිලදාරීන කොන්ද කෙලින් තියාගෙන ඉන්නවනම් වැරදි කරන එක එකාගෙන් ගුටි කන්න වෙන්නේ නැහැ. මම ලබපු ඇත දැකීම් අනුවි මෙහෙම කියන්නේ. (අ)

:       0       0

රංජනී Saturday, 25 May 2013 08:39 AM

දන්සල් හැමදාම නැහැනේ. දවසකට,දෙකට අපිරිසිදු වෙනවද? අර අවුරුදු ගණන් පල්වෙන හෝටල් ගැන තමා ඔය කියන පරීක්ෂකවරු හොයල බලන්න ඕනෑ.(නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 03:18 PM

කට්ටිය එහෙනම් දන්සල් 2000කින් විතර කාලා මේ කියන විදිහට.(නදී)

:       0       0

රවිනාත් Friday, 24 May 2013 09:18 PM

මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු බොහොම උනන්දුවෙන් දන්සැල් පරීක්ෂා කොට මහජනත්වට පිරිසිදු දානයක් ලැබීමට සැලැස්වීම ගැන සතුටුයි. මේ උනන්දුව හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් නොමැත්තේ මක්නිසාද? හෝටලයේ කුස්සියට යාමට පෙර කවුන්ටරයෙන් ලැබෙන යමක් ඉදිරි ගමන වලක්වන නිසාද? මෙම නිලදාරීන් මෙම වෙසක් පොහෝ දින වාර්තාවක් තබා ඇත. එක දිනක් තුල කළ වැඩිම වැටලීම් ප්‍රමාණය කිරීමෙනි. සාමාන්‍ය දිනකදී රට පුරා කරන වැටලීම් ප්‍රමාණය මෙයින් 1/10 වත් වෙනවා නම් අපායන් වැනි හෝටල් පිරිසිදු හෝටල් බවට පත්වෙනු නිසැකයි. මට නම් පෙනෙන්නේ යහපත් සිතින් යමක් කිරීමට උත්සාහ කරන රට වැසියන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් තම බලය පෙන්නා ඇති බවයි. (නි)

:       0       0

ඇන්ටන් Friday, 24 May 2013 03:43 PM

වැඩේ නම් බොහොම හොදයි. අපෙන් සුබ පැතුම්!(නදී)

:       0       0

අමාලි සිල්වා Friday, 24 May 2013 09:39 PM

මේ දන්සල් සෙල්ලමත් සල්ලි ගසා කන වෙළඳ ව්‍යාපාරයක්. වෙසක් කාලෙට සල්ලි එකතු කරලා කොටසක් තමන්ගේ යටි මඩියට දමා කෑමට නුසුදුසු ආහාර දෙනවා. ඒත් හැමෝම නෙමෙයි. අවංකව කරන කොටසක්ද සිටිනවා (නි)

:       0       0

පහන් Friday, 24 May 2013 10:12 PM

‍මේවා බොරු වැඩ. වැඩක් ඇති දෙයක් කරන්න ඕනේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 24 May 2013 03:58 PM

නමුත් 365 දවසෙම ඇරලා තියෙන නගරවල ප්‍රසිද්ධ ස්ථානවල ඇති ආපන ශාලා , වල මුලුතැන් ගෙවල්වල් පිරිසුදුකම ඉතාම නරකයි. ඒවායේ වැසිකිලි වල තත්වය ශෝචනියයි. (නි)

:       0       0

මොහමඩ් අම්ජාඩ් Friday, 24 May 2013 04:15 PM

අවවාද කරලා මොනවා කරන්නද? අයෙමත් හෙට නැහැනේ. බොරු වැඩ.(නදී)

:       0       0

සෆ්රාස් Friday, 24 May 2013 04:17 PM

පරීක්ෂක වරු විරුද්ධව වැඩ කලොත් මෝල් ගස් ගුටි කන්න වෙන්නේ. මතකද මුතුර් වල ? (නදී)

:       0       0

අබ්දුල්ලා Saturday, 25 May 2013 11:46 AM

මෙයිට වැඩිය හොදයි හෝටල්වල පිරිසිදු කම ගැන සොයාබැලුවා නම්.(නදී)

:       0       0

අනුර Friday, 24 May 2013 04:23 PM

ගොඩක් හොඳ වැඩක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site