දෑත පුරා ‘රෙඩි මේඩ් වෙසන් කූඩු‘ බකට්, වෙස් මුහුණු, බෞද්ධ කොඩි, විදුලි වැල්, සව්කොළ බට මිලට රැගෙන යති.
අද කොළඹ වැසි පැවතියත් වෙසක් සැරසිලි සොයා ආ අයගෙන් අඩුවක් නොවීය.
සුපිරි වාහනවලින් යන අයද ලෑලි කඩ අසල නැවතී අටපට්ටම්ථ බකට් ආදිය මිලට ගනිති.
සෑම බොදු නිවසක්ම වෙසක් සැරසිලිවලින් අලංකාර කැරෙයි.
කොළඹ හා තදාසන්න පාසල්හි ළමයින් ද වෙසක් කූඩු තනා අමතර ආදායමක් උපයා ගනිති.
වෙසක් කූඩුවක අඩුම මිල රුපියල් 100කි.
විදුලි ආලෝකයෙන් ප්‍රභාවක් වීමට නියමිත තොරණ රාශියක් කොළඹ හා අවට ප්‍රදේශවල ඉදි කෙරෙයි.
බත්, බීම, අයිස්ක්‍රීම්, කඩල, සුප් ආදි දන්සල් ප්‍රචාරක පුවරුද බොහෝ තැන්වල ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් උළෙලට රටම සැරසේ
චතුල වෙරෝනා Monday, 20 May 2013 04:04 PM
සුභ වෙසක් තෙමගුලක් වේවා..!(ස)
බුද්ධිකා Monday, 20 May 2013 04:05 PM
මේ සම්මා සම්බුදු තෙමඟුලෙන් රටම ආලෝකමත් වේවා. (ස)
හේරත් Monday, 20 May 2013 04:27 PM
මේවා වෙළද බාන්ඩ උන එක තමා වැරැද්ද...? (ස)
චන්දි Tuesday, 21 May 2013 02:35 AM
ඔව් ජනක, තමන්ම හදාගත්තාම වටිනාකම වැඩි තමා. ඒත් දැන් ලංකාවේ අපේ කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ හැමදේම කඩෙන් ගන්න නේද? තව කල් යනවිට මොනවා වේවිද මන්දා (නි)
නෙතුමි Monday, 20 May 2013 05:18 PM
ලුම්බිණි, නත්තල වානිජකරණයට ලක් වුණා කියලා එහි ගෞරවය, වටිනාකම හෑල්ලු වී නැහැ. ඔබ පවසන්නේ එහි ගරුත්වයක් නැති ගානටනේ (නි)
රජිත් ඉතාලි Monday, 20 May 2013 06:16 PM
බුදු හිමියනේ මකර තොරණ ලග තබා ආවා මගේ පව් ගැල... ටිකක් ආවා විහාරය වෙත හිමියනේ ඔබ නැමද යන්නට... හිතේ සැනසීමක් උපන්නා ඔබේ මුනි බන පද අසා මම... යළිත් පව් ගැල ඔසවා යමි මම මකර තොරණින් නික්ම ගියහම... (නි)
ප්‍රසන්න Tuesday, 21 May 2013 09:59 AM
මෙම කාලයට පුදු විදියට හිතට වෙනසක් දැනෙනවා. ඒකට හේතුව බුදුගුණ ගී පදවල් ධර්මදේශනා සහ රටපුරා වෙසක් තෙමගුලේ සිරි නිසා කියල මට හිතෙනවා.(නදී)
තුසිත,ලෙබනන් Monday, 20 May 2013 07:57 PM
මුලු මහත් ශ්‍රී ලංකා ජනතාවටත්,සියලු විදේශගත මිතුරු මිතුරියන්ට හා ලංකාදීප කතු මණ්ඩලයටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා! (නි)
නුවර Monday, 20 May 2013 03:08 PM
සාදු සාදු ! (නි)
ලුම්බිණි Monday, 20 May 2013 03:20 PM
වෙසක් උත්සවයත් නත්තල වගේම වානිජකරණයට අසු වෙලා. මිනිසුන් මේ තුලින් යමක් උපයා ගත්තට බුදු දහමේ තිබෙන ගරුත්වයට ඒකෙන් හානියක් වෙන එකක් නැහැ. (නි)
නෙතුමි Monday, 20 May 2013 03:21 PM
වෙසක් කාලෙට රටම හරි විචිත්‍රයි මේවා නිසා (නි)
ප්‍රියලාත් Monday, 20 May 2013 03:32 PM
මේ සම්බුදු තෙමගුලයි (නි)
ගයන් ප්‍රදීප් ඒකනායක Monday, 20 May 2013 03:33 PM
මුදලාලිලාට නම් හොදයි (නි)
විජේතිලක Monday, 20 May 2013 03:46 PM
ප්‍රතිපත්ති පුජාව මෙයට වැඩිය උසස්. (ස)
යසපාල පොන්නමිපෙරුම Monday, 20 May 2013 03:48 PM
සෑම බොදු නිවසක්ම වෙසක් සැරසිලිවලින් අලංකාර කර මෙලෙස සිතන්න බුදු ගුණ අනන්තයි! බුදු බල අනන්තයි! බුදු තෙද අනන්තයි! (ස)
ගාමිණී-සිරි Monday, 20 May 2013 03:51 PM
ඒ වෙසක් තොරණ රාජයාණන් ඩිජිටල් උනත් කමක් නැහැ, බෞද්ධ අපේ රටේ 24,25,26 තෙදින එක මිනී මැරුමක්වත් සිද්ධ නොවුනොත්, තෙරුවන් සරණයි.! (ස)
අනුර Monday, 20 May 2013 03:57 PM
අපේ සම්බුදු තෙමගුල හරිම ලස්සනයි. අපිට බලන්න බැරි උනත් මෙහෙම හරි බලන්න ලංකාදීපය කළ මේ ක්‍රියාවට ස්තුතියි.(ස)
ජනක Monday, 20 May 2013 04:00 PM
වෙසක් කුඩුවක් කඩෙන් මිලදී ගන්නවට වඩා එය තමන්ම නිර්මාණය කර ගැනීම වටිනවා.අපි කුඩා කාලයේ කලේ ඒ අයුරින්. ඒ තුල වෙසක් අසිරිය අපුරුවට ගැබ් වෙලා තිබුණා.(ස)