IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විස්කම් පුතෙක් ලෝහ තහඩුවට පණ දෙයි

විශ්වකර්ම මූර්ති ශිල්පියකු සේ සැලකෙන කලා කීර්ති විමල් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහතා තවත් අගනා කලා නිර්මාණයක් බිහි කරයි.

ගෞතම බුද්ධ ශීර්ෂය ඔහුගේ දෑතින් නිම වූ එම කලා කෘතියයි.

අඩි තුනයි අඟල් දෙක හමාරක් උසැති එම මූර්තිය ඝණ තඹ තහඩුවෙන් නිම කර ඔපමට්ටම් කර වැඩ අවසන් කිරීමට විවිධ බර මිටි වර්ග යොදා අඩු ගණනේ මිටි පහර දෙලක්ෂයක් පමණ ගසන්නට ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව ඇතුළු කලා කෘති රැසක් ඔහුගේ නිර්මාණයෝය.

දකුණු කළුතර වසන ඔහු ජනාධිපති සම්මාන ලාභියෙකි.

මිල කළ නොහැකි මෙම කලා කෘතිය වෙසක් පෝයට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිට තිලිණ කිරීමට අදහස් කරන බව ඔහු කියයි.



අදහස් (0)

විස්කම් පුතෙක් ලෝහ තහඩුවට පණ දෙයි

කෝලිත Monday, 20 May 2013 12:07 AM

ලංකාවේ මිනිහෙක්ගේ යහපත් වැඩක්, යහපත් කෙනෙකු අතට පත්කිරීම කුහකකමින් දකින සිසිරලා වගේ පුද්ගලයෝ මෙම ලෝකෙට බිහිවුණේ මොන කරුමයකටද කියලා හිතා ගන්න බැහැනේ මට (නි)

:       0       0

නීල් Monday, 20 May 2013 11:26 AM

මට නම් හිතෙන්නේ බුදුන්ගේ සිරස නිර්මාණය කිරීම බලවත් වැරැද්දක් හා පාපයක් කියලයි (නි)

:       0       0

ජෙෆ් Monday, 20 May 2013 12:09 AM

සරත් කියන කෙනා ඊටත් වඩා නුගත් කෙනෙක්. සිසිර ඔබ අශිෂ්ටයෙක්. නැතිනම්, ඔබ කොටියෙක්, නැත්නම් කෙලෙහිගුනයක් නොදත් සිංහලයෙක්. (නි)

:       0       0

කරුණාජීව Monday, 20 May 2013 11:36 AM

මෙය කලාගාරයට හෝ දළදා මාලිගාවට දුන්නොත් මහජන උපහාර ලැබේවි. (නි)

:       0       0

මනෝහරන් Monday, 20 May 2013 12:33 AM

නලින් සිසිර නුගත් වන්න පුළුවන් එත් බුද්දිමත් කියල පේනවා .(නදී)

:       0       0

නන්දලාල් Sunday, 19 May 2013 05:52 PM

ඇත්තටම ඔබතුම ජාතික සම්පතකි. මෙවෙනි නිර්මානයක වටිනාකම තක්සේරු කල නොහැකිය. මගේ සුභ පැතුම්!(නදී)

:       0       0

අරුණ Monday, 20 May 2013 11:54 AM

මිටි පාරවල් දෙලක්ෂයක් ගහන්නේ බුදු හිමියන්ගේ මුහුණට නමුත් මෙතැන චේතනාව පිරිසිදුයි. එනිසා අවදි සිහියෙන් සිටීම වැදගත්. උස්සස් නිර්මාණයක්. (ස)

:       0       0

නලින් Tuesday, 21 May 2013 01:47 AM

මමත් ජෙෆ් ගේ අදහසට එකග වෙනවා. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Monday, 20 May 2013 01:37 AM

සිසිර නමින් පෙනී සිටියාට ප්‍රභාගේ නෑදෑයෙක්ද කොහෙද? එහෙමත් නැත්නම් අවුරුදු 30 විතර ලංකාවෙන් පිට රටක ඝන කැලෑවක ජීවත්වූ නූගත් මිනිහෙක්.(නදී)

:       0       0

චන්දි Monday, 20 May 2013 01:48 AM

සිසිර, ඔයා ගැනත් නොපහන් සිතුවිල්ලක්නේ පහල වුණේ අපිට. නිර්මාණය විශිෂ්ටයි. ප්‍රසිද්ධ තැනක තියන්න (දළදා මාලිගාවේ වගේ ) (නි)

:       0       0

නීල් Monday, 20 May 2013 12:25 PM

බුදුන්වහසේ දේශනාකළේ තමන්වහන්සේගෙන් පසු එම තැන ගන්නේ බුදුදහම බවයි. එසේනම් වන්දනාව පිණිස භෞතික නිර්මාණයක් ලෙස වඩාත් යෝග්‍ය වන්නේ තම තමන්ගේ හැඩතල ආරෝපණය කර නිර්මාණය කරණ බුදුපිළිම වලට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරුපනයවන ධර්ම චක්‍රයයි.(ස)

:       0       0

මහේෂ් Sunday, 19 May 2013 06:28 PM

ඕක දළදා මාලිගාවේ තිබ්බොත් අපිටත් දැක බලාගන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 20 May 2013 12:35 PM

මත්තල ගුවන් තොටුපොළේ වැඩ වසන පිළිම වහන්සේ දැක්කම තේරෙනවා රටේ මොන තරම් තරඟයක්ද තියෙන්නේ කියා නමුත් ඒවාට 'බුදු පිළිම' වලින් ලන්සු තැබීම හරිද? මෙම නිර්මාණ ශිල්පියාගේ උසස් නිර්මාණය මම ඉතා අගේ කරනවා.(ස)

:       0       0

උපාලි Monday, 20 May 2013 04:18 AM

සිසිර, සරත්, හරියටම මටත් මේ නිර්මාණය දැක්ක ගමන් හිතුනේ ඕකමයි. වටිනා කලා නිර්මාණයක් කළ ශ්‍රේෂ්ට කලාකරුවෙක් තමන්ගේ අගය අඩුකර ගත් හැටි. පව්!(නදී)

:       0       0

චමිල Monday, 20 May 2013 01:06 PM

නිදුක් නිරෝගී දීඝායු වේවා !(ස)

:       0       0

රාජු Monday, 20 May 2013 05:30 AM

අයියෝ යමපල්ල කියන්න එපා. ඒක නින්දාවක්. නින්දාව කාටද කියල හිතා ගන්න. (නදී)

:       0       0

ජෙෆ් Monday, 20 May 2013 01:20 PM

මෙහි අදහස් දමන සම"හරක්" අයට ජිවත් වන්නට ජිවය දුන් දෙමව්පියනුත් යමපල්ලන් විය හැකිය. ' එලියට ගොස් පණපිටින් ගෙදර එන්නට නොලැබෙන, ජිවත් වන රට අහිමි වෙමින් පවතින මොහොතක රටත් ජනතාවත් ගලවා ගන්නට එඩිතර තීරණයක් ගත් නායකයකුට එසේ අගෞරවය කළ හැක්කේ යමපල්ලකුගේ දරුවකුට හෝ ප්‍රබාකරන් නැමති මිලේජ්ජ ත්‍රස්තයකුගේ අනුගාමිකයකුට පමණි. මෙම අයට ප්‍රබාකරන්ව තමාගේ පියාණන් වගේ පෙනෙනවා ඇති. (නි)

:       0       0

මනෝජ් -සාජා Tuesday, 21 May 2013 08:40 AM

මේ නිර්මාණය අගය නොකර වෙන දේවල් කියවනවා.(නදී)

:       0       0

අනුරාධ. Sunday, 19 May 2013 08:16 PM

ශ්‍රී සම්බුදු ශීර්ෂය නිර්මාණය ඇත්තෙන්ම විශ්වකර්ම වැඩක්ම තමයි. ඔබ තුමාට දීර්ගායු වේවා! (ත)

:       0       0

ලේක්කෝ ලාල් ගලබඩ Monday, 20 May 2013 07:10 PM

'කෝ පෘෂ්ඨවංශික අපේ පිටකොන්ද?' (නි)

:       0       0

සුනිල් Wednesday, 22 May 2013 06:06 PM

මේයා වගේම අපේ පරණ කලා කරුවොත් අවුකන, සමාධි, වගේ පිළිම රජගෙයි ඇතුලේ හැදුවේ නැත්තේ ඇයි?(නදී)

:       0       0

අමිළ Sunday, 19 May 2013 08:27 PM

මෙතුමා බෟද්ධයෙක් නේද? නැත්නම් අපේ සේනාවේ අය මේකෙත් වැරද්දක් දකී.(නදී)

:       0       0

සමන්ත විරසිංහ Sunday, 19 May 2013 08:30 PM

ඔබ තුමාට වටින්නෙත් රජ ගේ විතරද ? සාමාන්‍ය ය තැනක තිබුනොත් අපිටත් දකින්න පුළුවන්.(නදී)

:       0       0

වීරකුමාර Monday, 20 May 2013 09:09 AM

මෙතුමාගේ උත්සාහයට අපි අකුල් නොහෙලමු (නි)

:       0       0

රෝමියෝ Monday, 20 May 2013 09:10 AM

සිසිර ඔබ හරි ඇස් නොපෙනෙන අය බොහෝ ඉන්නවා.(ස)

:       0       0

සරත් Monday, 20 May 2013 09:21 AM

ඉතාම වටිනා අගය කල යුතු වැඩක්. අපේ තරුණ පරම්පරාවට හොද ආදර්ශයක්. ඔබතුමාට දීර්ඝායුෂ. (ස)

:       0       0

අනුර Monday, 20 May 2013 10:13 AM

ඔබතුමාගේ වීර කම ගැන ආඩම්බරයි.(ස)

:       0       0

ක්‍රිෂ් Monday, 20 May 2013 10:15 AM

සිසිරගේ අදහස හා එකඟයි. ඔබ හරි.(ස)

:       0       0

සුගතදාස Sunday, 19 May 2013 10:00 PM

නියමයි.(නදී)

:       0       0

චමිල Monday, 20 May 2013 10:19 AM

මෙය ශිල්පියාගේ කැමැත්ත වුවත් ඉන් පසු ඔහුට ලැබෙන ප්‍රතිචාර ගැන මදක් හිතුවනම්. මොකද නිර්මාණයක් රසවිඳින්දනයටත් බාදාවක්.(ස)

:       0       0

දේවින්ද්‍ර Monday, 20 May 2013 10:20 AM

අපේ රටේ විශිෂ්ට නායකයාට ඕක දෙන්න. ඔබට ජය ! (ස)

:       0       0

අමල් Monday, 20 May 2013 10:23 AM

රටේ මෙච්චර වැදගත් සිද්ධස්ථාන තියෙද්දි ඇයි ඔබතුමා මේ වගේ තීරණයකට ආවේ..? (ස)

:       0       0

සරත් Monday, 20 May 2013 09:10 PM

අපි නුගත් වෙන්න පුළුවන්. ඔය කට්ටිය මට මේක කියන්න, ඔය නිර්මාණය බුදුන් වහන්සේගේ නොවුනා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔහොම යන්! (නි)

:       0       0

සිසිර Sunday, 19 May 2013 10:15 PM

විශිෂ්ඨ නිර්මාණ කරුවෙක් උනත් ,වැඩේ කරලා තියෙන්නෙ ලකුණු දාගැනීමේ චේතනාවෙන්. නැත්නම් ඕක ඔය යමපල්ලෙකුට පූජා නොකර අඩුගානේ දළදා මාළිගය හෝ එවැනි පුජනීය තැනකට පූජා කරන්න තිබුනනෙ. ඕකෙන් වෙන්නේ නිර්මාණ කරුවා ගැන මිනිසුන් තුල නොපහන් සිතක් පහළවීම විතරයි.(නදී)

:       0       0

පරාක්‍රම Monday, 20 May 2013 10:30 AM

සිසිර කියන දේ හරියටම හරි. අපිත් එකග වෙනවා ඔහුගේ අදහසට.(ස)

:       0       0

අපොන්සු Monday, 20 May 2013 10:35 AM

ඕක දහසක් පින්වතුන් වඳින කළුතර බෝධියට පූජා කරන්න. කලා කරුවන් ගේ සබැ අගය දන්නේ බල ලෝභී දේශපාලකයන් නොවේ, උදේ හවස මේ මහපොළොවේ පය ගහල ඉන්න පොදු ජනතාවයි.(ස)

:       0       0

සරත් Sunday, 19 May 2013 10:41 PM

හරියටම මගේ හිතේ තිබුණු දේ සීසර හරියටම කතාවෙලා වගේ කියල තියනව.(නදී)

:       0       0

නලින් Sunday, 19 May 2013 11:05 PM

සිසිර කියන්නේ මහා නුගත් කෙනෙක් කියල මම අද දැනගත්තා.(නදී)

:       0       0

කමනි Monday, 20 May 2013 10:39 AM

ඕක රනිල් මහත්තයට දුන්නා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 19 May 2013 04:37 PM

අගේ කළ යූතූ කර්ථවයක්.(නදී)

:       0       0

පද්මිණි Monday, 20 May 2013 10:47 AM

සිසිර කියපු දේ තමයි මටත් සිතුනේ. කලාව බලයට යට වීම කලකෘතියට කරන අවමානයක්. (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 11:35 PM

සිසිරට බනින්න එපා. අප අතර ඔය වගේ මන්ද බුද්ධිකයන් එමට ඇත. ඔහුගේ මන්ද බුද්ධිකභාවය ඔහු එලි දක්වා ඇත. කලාකිර්ති විමල් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහතාට අපගේ ප්‍රණාමය පුද කරමු. දිර්ගායුෂ ලැබේවායි පතමු! (නි)

:       0       0

සුසිල් මිලානෝ Sunday, 19 May 2013 11:48 PM

සිසිර, ඔයාගේ මෝඩකම මහමෙරටත් වඩා ලොකුයි. නිර්මාණයක වටිනාකම දෙන කෙනා අනුව වෙනස් වෙන්නේ කොහොමද? බැරි වෙලාවත් ඔය කියන විදියට සමාධි පිලිමය දුන්නත් වටිනාකම වෙනස් වෙන්න එපායැ.මෝඩ අදහස් දමලා පල් වෙන්න එපා.ලංකාදීප බොහෝ දෙනෙක් බලනවා. (නි)

:       0       0

නිපුනි සිල්වා Monday, 20 May 2013 10:59 AM

ගොඩක් කට්ටිය මෙතුමාගේ පිනෙන්ම කඩේ යන්න හදනවා වගේ (අ)

:       0       0

පැතුම් Sunday, 19 May 2013 11:53 PM

නලින් ඔබත් හොදට කඩේ යන්න දක්ෂ කෙනෙක් වගේ මට පේන්නේ. සිසිර කියන දේ සහතික ඇත්ත. අපිත් ආසයි මේ වගේ උසස් කළා නිර්මාණයක් දැක බලාගන්න. එත් සාමාන්‍ය ජනතාවට රජ ගෙදර යන්න ඉඩක් නැහැනේ. දළඳා මාලිගාවට පූජා කලානම් මොන තරම් පිනක්ද?(නදී)

:       0       0

දර්ශන Sunday, 19 May 2013 05:06 PM

ඔබට දීර්ගායු ,ඔබ තුමා අපිට ආදර්ශයකි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site