(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පළමු වරට රැස් විය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් පසුගිය 13 වන දින රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත වී තිබූ අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබිණි.
ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කළේය.
මෙම මෙහෙයුම් සභාව ස්ථාපිත කිරිමේ මූලික පරමාර්ථය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය උවදුර නිසා තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මහජනතාවගේද සහාය ලබා ගැනීමේ වැදගත්කමත්, රටම ඒකරාශි කර ගත් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමේ වැදගත්කමත් මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් විය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්.ආර්. බී. සෙනෙවිරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුද හමුදාපති ලුතිනන් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් වාසුබන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් බී.ඒ.කේ.එස්.පී.බානගොඩ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විෂ මත් ඉවරයක් කරන ජාතික සභාව රැස් වෙයි
Mohan Friday, 17 October 2025 09:24 PM
ඔබට පමණක්ම කළ හැකි මේ දේ කරන්න. එයින් රටට ලැබෙන ප්‍රයෝජනය කියා නිමකළ නොහැක... සියලු දෙමාපියන් දැඩි සතුටට පත්වනු නොඅනුමානයි. රනිල්, සජිත්, නාමල්ට නම් මේවා සිහින පමණයි.
Kamal Friday, 17 October 2025 10:45 PM
ඔන්න මම නම් විශ්වාසන කළා... ඔයගොල්ලොත් කුහක නොවී විශ්වාස කරන්න හොදේ...
Jagath Leanage Saturday, 18 October 2025 04:09 AM
ජනාධිපතිතුමනි! අපගේ එකම බලාපොරොත්තුව ඔබතුමාගේ නායකත්වයයි. මත්ද්‍රව්‍ය උවදුර අපේ රටින් තුරන් කරලම දාන්න.
Mohan Saturday, 18 October 2025 12:53 PM
ඔබ පමණයි එකම විශ්වාසය... සොයුරාණෙනි.
Lalith Monday, 20 October 2025 06:25 AM
Mohan මුලා වෙලා