IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වූෂූ ‘ඒ’ කාණ්ඩයේ කී‍්‍රඩාවක් ලෙස පවතින්නේ සම්මේලනයේ කැපවීම සහ කාර්යභාරය නිසයි

මූල්‍යමය අතින් දුප්පත් කී‍්‍රඩාවක් වුවත් දස්කම් අතින් පොහොසත් කී‍්‍රඩාවක් ලෙස හැඳින්විය හැකි වුෂූ කී‍්‍රඩාව, වත්මන් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ වර්ගීකරණයට අනුව ‘ඒ’ කාණ්ඩයට අයත් කී‍්‍රඩා 10 අතරේ ආරම්භයේ සිට මේ වන තුරුත් පවතින්නේ ශ්‍රී ලංකා ජාතික වුෂූ සම්මේලනයේ කැපවීම නිසා බව ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ වත්මන් සභාපති මානෙල් ධර්මකීර්ති මහතා පවසයි.

කොළඹදී ඊයේ (15 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ධර්මකීර්ති මහතා මේ බව කියා සිටියේය. ‘ජාතික වූෂූ සංසදය’ විසින් වුෂූ ජාතික සම්මේලනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව කරනු ලබන ප‍්‍රකාශයන්ට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ. 

වූෂූ කී‍්‍රඩාව මෙරටට හදුන්වා දුන් මුල් කාලයේ සිටම එම කී‍්‍රඩාව ප‍්‍රගුණ කරමින් එයින් දස්කම් දැක්වූ කී‍්‍රඩකයන්ට නිසි තැන නොලැබුණ බවත් ඔවුන්ගේ දක්ෂතා හුදෙක් සහතික පත් වලට සහ පදක්කම් වලට පමණක් සීමා වී තිබූ බවත් මානෙල් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ආරම්භයේ සිටම ව්‍යාපාරයක් ලෙස පැවති වුෂූ කී‍්‍රඩාවට නව පනක් දෙමින් 1993 වසරේදී ශ්‍රී ලංකා වුෂූ ජාතික සම්මේලනය පිහිටුවීමට පුරෝගාමීයා ලෙස කටයුතු කළේ තමන් බවද ධර්මකීර්ති මහතා පවසයි.

තමන් වූෂූ කී‍්‍රඩාව පිළිබඳ කිසිවක් නොදන්නා අයකු යයි පවසමින් ශ්‍රී ලංකා වුෂූ සංසදය නමින් පෙනීසිටින සංවිධානයක සාමාජිකයන් ද්වේශ සහගතව අවලාද නැගුවද තමන් වසර ගණනාවක සිටම අන්තර්ජාතික මට්ටමේ ‘ඒ’ ශ්‍රේණියේ වූෂූ තීරකවරයකු මෙන්ම තරග විනිශ්චයකරුවකු බවත් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය.

එවැනි කාල වකවානුවක වුෂූ කී‍්‍රඩාවේ ජීව ගුණය රැුකගැනීමට ඉදිරිපත් වෙමින් 1993 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික වුෂූ සම්මේලනය පිහිටුවා වසරක් වැනි කෙටි කාලයක් තුළ වුෂූ කී‍්‍රඩයකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමට කටයුතු කළ අයුරු කරුණු සහිතව විස්තර කිරීමටද ධර්මකීර්ති මහතා අමතක නොකළේය.

තමන් මාධ්‍ය ආයතනයක සේවකයෙකු බැවින් කී‍්‍රඩා සංගමයක සභාපති ධූරය දැරීම කී‍්‍රඩා පනතේ වගන්තියක් උල්ලංඝණය කිරීමක් බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ ධර්මකීර්ති මහතා පවසා සිටියේ තමන් මාධ්‍ය ආයතනයක සේවය කරන නමුත් තමන් එම මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවන බවයි. ඒ අනුව තමන් කී‍්‍රඩා පනතේ කිසිදු වගන්තියක් කඩ කර නැති බවත් අළෙවිකරුවෙකු පමණක් බවත් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වුෂූ කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් තමන් ගෙනයන කි‍්‍රයාදාමයන්ට බාධා පමුණුවමින් කි‍්‍ර‍්‍රයා කරන්නන්ගේ මීලග උත්සාහය වන්නේ අනිද්දා පැවැත්වීමට නියමිත කණිෂ්ඨ වුෂූ තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී නොකරවන ලෙස පවසමින් පාසල් වලට ලිපි යැවීම බවත්

එලෙස යැවූ ලිපියක් තමන් සතුව ඇති බවත් වූෂූ සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

වුෂූ කී‍්‍රඩාවට සේවයක් කරමින් වුෂූ කී‍්‍රඩාව ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජාතික වුෂූ සම්මේලනය සමග එක්වී කටයුතු කිරීමට හැකි බවත් හෙතෙම වශයෙන් අවධාරණය කර සිටියේය.



අදහස් (0)

වූෂූ ‘ඒ’ කාණ්ඩයේ කී‍්‍රඩාවක් ලෙස පවතින්නේ සම්මේලනයේ කැපවීම සහ කාර්යභාරය නිසයි

අහමෙඩ් Thursday, 16 May 2013 03:20 PM

මම මේ ක්‍රීඩාව ප්‍රගුණ කලේ 1990 දශකයේදී විතර. එතකොටත් මොහු අවුරුදු 5 කට වඩා පරණ ශිෂ්‍යයෙක්. (නි)

:       0       0

දම් Thursday, 16 May 2013 03:21 PM

ලකී ,අන්තර්ගතය බලන්න මල්ලි. පොටෝ එක අහකට දමන්න. (නි)

:       0       0

ලකී Thursday, 16 May 2013 01:26 PM

නියම ෆොටෝ එක. තට්ටේට උඩින් කොන්ඩේ ජුන්ඩක් වැවිලා වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site