IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


විෂමාචාර ගැන කියන්න අදත් තුනක් දේශබන්දු කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කර ඇතැයි කියන විෂමාචාර පිළිබඳව සොයා බලන කමිටුව තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් අද (16) ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (16) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙසේ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.

පසුගිය 11 වැනිදා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු කම්ටුව හමුවේ සාක්ෂි ලබාදීම සිදු වූ අතර ඉන් එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීමට එදින නොහැකි විය. මේ නිසා එම සාක්ෂිකරුද අද දින පැමිණි අතර ඔහුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීම සිදු විය.

සාක්ෂිකරුවන් 7 දෙනෙකු කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අවසන් අතර හෙට (17) දිනද පෙ.ව. 9.30  පරීක්ෂණ කමිටුව රැස්වීමට නියමිතය.



අදහස් (0)

විෂමාචාර ගැන කියන්න අදත් තුනක් දේශබන්දු කමිටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site