IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විශේෂ සැකකරු ලැයිස්තුවේ 169 ක් ‘යුක්තිය’යෙන් මාට්ටු

(යොහාන් භාසුර)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

මෙම සමස්ත මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,166 න් සැකකරුවන් 66 කට රැඳවුම් නියෝග ගෙන විමර්ශන කරන බවත් සැකකරුවන් 14 ක් සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවත් එම අමාත්‍යංශය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් 226 ක් පුනුරුත්ථාපනයට යොමු කළ බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

එම මෙහෙයුම්වලදී හෙරොයින් කිලේ 1 යි ග්‍රෑම් 370 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 556 ක්, ගංජා කිලෝ 7 යි ග්‍රෑම් 800 ක්, මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 3 ක් යි ග්‍රෑම් 500 ක් සහ මත්පෙති 1,075 ක් අත්අඩංගුවට ගත් බව කියන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය බුත්තල ප්‍රදේශයේ අක්කර 5 ක ප්‍රදේශයක ගංජා වගාවක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

විශේෂ සැකකරු ලැයිස්තුවේ 169 ක් ‘යුක්තිය’යෙන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site