IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුරදී දිවයින පුරා පිළිකා සම්බන්ධ සායනික කටයුතු බිඳ වැටීමට නොදී පවත්වා ගෙන ගිය නමුත් කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය එක්කයේ ශල්‍යකර්මවලට බාධා පැමිණුන බව විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතා ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද එම සංගමය පැවැසුවේය.

පැමිණිල්ල බාරදුන් දිනට පසුදින කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට යමින් සිටියදී වෛද්‍ය එස්.සී.ආර් පෙරේරා මහතාට සේවකයන් කීපදෙනකුගෙන් ජීවිතයට තර්ජනයක් වන ආකාරයේ මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා එල්ල වන අයුරින් අඛණ්ඩව විවිධාකාරයෙන් වන හිරිහැර කිරීම් පිළිබඳව කනගාටුවට පත්වන බවත් මෙම සිදුවීම් පිළිබඳව හදිසි අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසත් හැකි ඉක්මනින් ශල්‍ය ඒකකයේ වැඩ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කරන ලෙසත් ඉල්ලමින් විශේෂඥ වෛද්‍ය සංගමය කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමු කර ඇත.

 



අදහස් (3)

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්

ප්‍රසන්න Friday, 19 January 2024 10:17 AM

ඇත්තටම මෙම රෝහලේ කම්කරුවන් සම්පූර්ණයෙන්ම වැරදියි කියලා කියන්න පුළුවන් ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ කාන්තාව සේවයෙන් පහකිරීමට කටයුතු කරන්නම ඕන

:       1       20

Bamunuarachchi Friday, 19 January 2024 12:19 PM

සේවිකාව වර්ජන වලට සහබාගි වෙලා රාජ කාරී කල බවට පොත අත්සන් කරන්න ඇවිල්ලාලු

:       1       11

Robin Friday, 19 January 2024 01:26 PM

පිළිකා රෝග විශේඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ දෙවිකෙනෙක් වැනි උත්තමයෙක්... ඔය දේශපාලන පත්වීම් අරන් ආපු සේවිකාවන්ගේ කෙරුවාව බලන්න වාට්ටුවකට ඇතුල් වෙලාම බලන්න ඕනෑ. අද වෛද්‍යවරයා රිමාන්ඩ් එකේ. හෙට ඔහු රට හැරලා යන එක කිසි කෙනෙකුට නවත්වන්න බැහැ. ඔය කාලකන්නි කාන්තාවට පුළුවන්ද ශල්‍යකර්ම කරන්න. පිළිකා ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි...!

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site