2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ අවම ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු අද (05) රාත්‍රී අන්තර්ජාලයට එක් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.
1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමැතීමෙන් ද උසස් පෙළ කඩයිම් ලකුණු ලබා ගත හැකිය.
www.ugc.ac.lk
www.admission.ugc.ac.lk
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විශ්ව විද්‍යාල ප්‍රවේශයට කඩයිම් ලකුණු පිටවේ
හරින් Saturday, 06 September 2014 12:39 PM
හරි එතකොට ලියුමෙන් කඩ ඉම තරණය කරන කට්ටිය ? (නදී)
විදුර Saturday, 06 September 2014 01:01 PM
දැන් නම් මට සරසවි බඳවා ගැනීම වල විනිවිද භාවය ගැන පැහැදීමක් නැහැ. (නදී)
කාන්ති Saturday, 06 September 2014 01:24 PM
අපේ මල්ලිගේ දුවත් හොඳින් සමත් වෙලා ඉන්නවා. එ්ත් මේ පස්ස දොරෙන් කැම්පස් යන උදවිය නිසා ලකුණු තිබිලත් යන්න බැරි වේවි කියල දරුවා බයේ ඉන්නවා. (නදී)
රුවන් Saturday, 06 September 2014 01:40 PM
බලාගෙන යනකොට තමන්ගේ අතින් මුදල් ගෙවලා පුද්ගලික සරසවි වලට යන කට්ටියට නම්බුවක් තියනවානේ! (නි)
ජනනි Saturday, 06 September 2014 01:47 PM
දැන් ඔය පස්සා දොරෙන් සරසවි යන උදවිය ඉගෙනගන්නේ කොහොමද මන්දා (නි)
මහේෂ් Friday, 05 September 2014 11:43 PM
සතුටුදායක ආරංචියක් උදේ පාන්දරම (නි)
මහින්ද Friday, 05 September 2014 11:50 PM
බොහොම හොඳ ආරංචියක් (නි)
අර්ජුන රණවන Saturday, 06 September 2014 12:39 AM
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා (නි)
සමන්ති Saturday, 06 September 2014 01:39 AM
එතකොට ලියුම් වලින් විශ්ව විද්‍යාලයට යන කඩ ඉම් ලකුණු දෙන්නේ කවදාද? (නදී)
නිමල් Saturday, 06 September 2014 02:25 AM
මේ ආරංචිය ලබාදුන්නාට ස්තූතියි! (නි)
නිමල් Saturday, 06 September 2014 03:00 AM
මට නම් ඉවසිල්ලක් නැහැ බලනකම් (නි)
විජේදාස Saturday, 06 September 2014 02:59 AM
මේ ගමන කොහොමද දන්නෙ නැහැ ප්‍රතිඵල? (නි)
මහේෂ් Saturday, 06 September 2014 03:06 AM
නියමයිනේ! (නි)
ජෙහාන් Saturday, 06 September 2014 03:05 AM
දැන් අර වැදගත් ලියුම් ටිකත් මේ වෙනකොට ටයිප් වෙමින් තිබෙනවා නේද? ඕවා ප්‍රමාද කරන්න හොඳ වැඩ නෙමෙයි. (නි)
රංග Saturday, 06 September 2014 03:09 AM
දැන් අපේ වැඩ බැරි නංගිලා ටික නහයෙන් අඬාගෙන පෝලිමේ ඇති ලියුමක් ලියවා ගන්න (නි)
ජානකි Saturday, 06 September 2014 03:11 AM
කඩඉම් ලකුණු වලින් වැඩක් නැහැ. ඉස්සරහට උපාධිදාරියෙක් කියලා කියාගන්න උදවිය සරසවියට ආවේ ඉස්සරහ දොරෙන්ද පස්ස දොරෙන්ද කියලා සොයලා බලන්නත් වෙනවා. (නි)
වරුණ Saturday, 06 September 2014 03:14 AM
විනිවිදභාවයක් නැති උසස් අධ්‍යාපන ක්‍රමයකින් කිසිම රටකට වෙන සෙතක් නැහැ (නි)
රාජා Saturday, 06 September 2014 03:20 AM
මම නම් කියන්නේ ඔය පස්සා දොරෙන් සරසවියට රිංගන අයට එතැනින්ම හොඳ අච්චුවක් ලැබෙන්න ඕනා. (නදී)
තුසිත Saturday, 06 September 2014 03:24 AM
දැන් ඔය පාර දන්නා කියන කවුරු හරි සරසවියට තේරිලා කිවොත් අපිට අහන්න වෙනවා උසස් පෙලින්ද නැති නම් ලියුමෙන්ද තේරුනේ කියලා. ඒක හරියට කවුරු හරි බඳින්න යනවා කිව්වොත් යෝජිත විවාහයකද ලව් එකක් ද කියල අහනවා වගේ. හරි ෂෝක් අනේ. (නදී)
ප්‍රියන්ත Saturday, 06 September 2014 03:27 AM
සමන්ති ඒවා කෙරෙන්නේ හොර රහසේ ඕව එළිපිට අහනවද අප්පා (නදී)
උදාර Saturday, 06 September 2014 03:33 AM
අපේ රටේ විශ්ව විද්‍යාල ප්‍රවේශය , ක්‍රමවේදය සහ විනිවිධ භාවය ගැන මගේ තිබුන විශ්වාසය ළඟදී එහෙමම නැති වුනා. ඒ නිසා මම පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට දැන් නම් විරුද්ධ නැහැ. පිළිගත් ක්‍රම වේදයෙන් පටහැනිව පස්සා දොරෙන් රජයේ සරසවි වලට රිංගනවාට වඩා හැමෝටම පේන්න තමන්ගේ ගේ පුද්ගලික මුදලින් පුද්ගලික සරසවියක ඉස්සරහ දොරින් ඇතුළු වීම නම්බුයි. (නදී)
ජයවර්ධන Monday, 15 September 2014 06:25 AM
අපිව කැම්ප් එකට ගන්නේ කවදද? නායකත්ව පුහුණුව කවද්ද?මට උදව් කරන්නේ කව්ද? (අ)
ධම්ම Saturday, 06 September 2014 04:27 AM
සමන්ති ඒ කඩයිම් ලකුණු තියෙන්නේ කිසිදා විශ්ව විද්‍යාලයකට පය නොතැබූ බලවතුන් අතේ. ඒවා එළිදරවු කරන්නේ නැහැ. (නදී)
කෙවින් Saturday, 06 September 2014 04:34 AM
කඩයිම් ලකුණු නෙවෙයි කඩයිම් ලියුම් තමයි දැන් වැදගත් වෙන්නේ. (නදී)
අශාන් Saturday, 06 September 2014 05:06 AM
ඇයි මේකට අවුරුද්දක්ම ගතවෙන්නේ? (නදී0
විධුෂක Sunday, 07 September 2014 05:16 AM
තායිලන්තයේ අවුරුදු 25 වෙනකොට පී.එච්.ඩී එකත් කරලා ළමයි විශ්ව විද්‍යාල වලින් පිටවෙනවා. දියුණු රටවල මාසයක් ඇතුළත ප්‍රතිඵල නිකුත්කරලා දින 21 යන්නට මත්තෙන් විශ්ව විද්‍යාලවලට ළමුන් ඇතුළත් කර ගන්නවා. ලංකාවේ අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවෙනවා. විශ්ව විද්‍යාලයෙන් පිටවෙනකොට හතලිස් ඇඳිරියටත් ඉතින් ඔන්න මෙන්න. (නි)
ජගත් ලියනගේ Sunday, 07 September 2014 07:09 AM
ලියුම් වලින් යවන කට්ටිය මෙදා පාර අල්ලගන්න බැරි විදියට කරාවි. (අ)