IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


විශ්වාසභංගයට හෙට දින දෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (9)පෙරවරු 10.00ට පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ කාරණය සම්බන්ධයෙන් අද පුළුල්ව සාකච්ඡා කරන බවයි.

රටේ ප්‍රශ්නය, පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී පසුගිය 6 වැනිදා සිකුරාදා ඇතිවූ සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන බව කතානායකවරයා කීවේය.

හරින් ප්‍රනාන්දු ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 6 වැනිදා සිකුරාදා වේත්‍රධාරීවරයාට පහරදී සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ රැස්වීමෙන් පසු කතානායකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ අද පෙරවරු 10.00 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බවයි.

සමගි ජන බලවේගය පක්ෂය අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද ජනාධිපතිවරයාට විරුද්ධව තවත් විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.

 



අදහස් (3)

විශ්වාසභංගයට හෙට දින දෙයි

කිරි පුතා Sunday, 08 May 2022 06:57 PM

තවත් බොරුවක් ඇදලා අරගෙන එහෙට මෙහෙට කචකච ගාලා රුපියල් කොටියක් වියදම් කරලා ⁣කට්ටියම ජනතාවට කොකා පෙන්වලා ගෙදර යයි. රටේ ප්‍රශ්න එතැනමයි...

:       3       35

VINIVIDASunday, 08 May 2022 09:24 PM

හරින් ප්‍රනාන්දු ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 6 වැනිදා සිකුරාදා වේත්‍රධාරීවරයාට පහරදී සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය පිළිබඳව සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක නිහඬව සිටින්නේ මොකද?

:       5       49

රටවැසි Sunday, 08 May 2022 07:39 PM

පිටරැටියෝ බලාගෙන ඉන්නේ රටතුළ ආක්‍රමණයක් වෙනකම්..! අන්න එදාට සිංහලයාට තේරෙයි රටේ වටිනාකම...!

:       17       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 147 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 627 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1035 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site