IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


විශ්වාසභංගයට සහය දීමට විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

සිරාජ් හසීම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත  වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

මෙම විශ්වාසභංගයේදී කුමන හෝ පාර්ශවයක් හට සහාය වීමට පෙරාතුව එකී පාර්ශවය සමගින් ලිඛිත අබබෝධතාවකට අත්සන් කළයුතු බවද මහ ඇමතිවරයා සදහන් කර සිටියේය.

අග්‍රාමාත්‍යවරයාට  එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළ කළේය.

වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතු ඇත්තේ මහාජාතියේ නායකයින්ට එල්ල වන බලපෑම් බවත් මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කර සිටියේය.

තමන් එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකළ  බවත් මේ සියළු පක්ෂවල නායකයින් අදහස් දක්වන්නේ ඔවුනගේ තනිමතය අනුව බවත් මෙවන් තීරණ ජනතාවගේ අදහසට අනුව ගතයුතු බවත් කීය

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගීසිටි එක්සත් ජාතික පක්ෂයේම නියෝජිතයින් අගමැතිවරයා වෙනුවෙන් කටයුතු කිරීමට එකගතාවක් ඇති කරගෙන ඇති නම් එම තීරණය පසුපස කුමක් හෝ වාසියක් සිදුව ඇති බවද මහ ඇමතිවරයා කියා සිටියේය.
 



අදහස් (17)

විශ්වාසභංගයට සහය දීමට විග්නේෂ්වරන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

Raveendra Monday, 02 April 2018 08:53 AM

ඔන්න මේවාට තමා කියන්නේ "හිවල් න්‍යාය" නොහොත් බොරදියේ "මාළු බෑම".

:       1       284

Sanath Monday, 02 April 2018 09:15 AM

ලෝකයේම අවිහිංසාවාදියාගේ ලොකුම ගෝලයාවූත් ඥාතිවරයෙක් වූත් ජවහාල් ලාල් නේරු අගමැතිවරයාට අනුව නූපන් දමිලාත්, මැරුණු දමිලාත්, පින්තූරයේ දමිලාත් හැර අන් සියලුම දමිල්ලු විශ්වාස නොකළ යුතුයි.

:       25       424

ලපයා Monday, 02 April 2018 11:39 AM

100% එකගයි.

:       0       108

asad Monday, 02 April 2018 01:00 PM

දමිළයන් පමණක් නෙවෙයි සෑම මනුෂ්‍ය කොට්ඨාශයක්ම එසේයි. විශ්වාස කල නොහැකියි.

:       45       85

ජගත් ලියනගේ Monday, 02 April 2018 09:19 AM

දැක්කා නේද? මිනිහා බලන්නේ මේ වේලාවේ, කොහොමද මිනිහගෙ කට්ටියට හොඳක් කර ගන්නේ කියලා. ඒකට අපේ අය...

:       1       163

Nuwan Monday, 02 April 2018 09:48 AM

නියම නායකයෙක් තමන්ගේ වර්ගයාගේ සුභසිද්ධිය තකා කල්පනාකාරීව බුද්ධිමත් තීරණ ගන්නවා. එ්කට අපේ හරක්.. අපිවම කන්න හදනවා. අලුත් බදුත් ගහලා තව....

:       68       257

sena Monday, 02 April 2018 09:50 AM

මේකට කියන්නේ බ්ලැක් මේල් දේශපාලනය කියලා මෙයා දන්නේ නැහැ. රනිල් ගියොත් එන්නේ මහින්ද කියලා....

:       1       45

nimal Monday, 02 April 2018 10:05 AM

වාසුදේව කියන්න ඇත්තේ අහන්න...

:       152       2169

රවින් Monday, 02 April 2018 10:12 AM

මොන පොරොන්දුද? විග්නේශ්වරන් කියන්නේ පළාත් මහඇමති කෙනෙකු මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නොවේ. ඔහුගේ අදහස් ඒ ඒ ප්‍රාදේශීය පක්ෂවල කට්ටිය එක්ක මිස පොදු දෙමළ බස කතාකරන සියලු ජනයාගේ අදහස් නොවේ. පසුගිය අවුරුදු 30-40 දීත් වුනේ ඔයටිකමයි. අනිකුත් පළාත්වල පොදුවේ විවිධ ජාතින් ජීවත් වුවත් එක පළාතක උදවියට තීරණ ගන්න ඉඩතියන්න එපා අනිකුත් අය ගැන... එයාට එයාගේ වැඩක් බලාගන්න කියන්න.

:       68       182

de silva Monday, 02 April 2018 10:54 AM

ඔය එක එක බහුභූත නොවේ..., මහින්ද අාවොත් ඔබතුමාලාට වෙනදේ ඔබතුමාලාවත් දන්නේ නැත.

:       304       207

shan saudi Monday, 02 April 2018 10:59 AM

ඔය එක එක අයට ඩීල් දෙන්නවත්, දාන්නවත් ඕනේ නැහැ. 4 වෙනිදාට කලින් සජිත්ට අගමැතිකම දීලා රනිල් ගෙදර යන්න තවත් රට විනාශ නොකර දැන් වටේම ඉන්න නරි බලා ඉන්නවා. සිංහයා ඩැහැගත්ත ගොදුර කාලා ඉතුරු වුනාම ඒක කාලා හූ කියන්න පසුගිය ආණ්ඩුවල උන්නු නායකයෝ සේරම කලේ ඔයවගේ එක එක්කෙනා එක්ක ඩීල් දාලා ජාමෙ බේරගත්ත එක.. එ්කෙන් රට විනාශ වුනා. කොටි හදාගත්තෙත් ඔය වගේ 1977 ජේ.ආර්. දාපු ඩීල් නිසා තමයි.

:       35       210

lalithsjm Monday, 02 April 2018 11:04 AM

ලිඛිත පොරොන්දුවක් නොදෙන්න තරම් කොන්ද පණ තියෙන දේශපාලකයෙක් ඉන්නවද කියලා බලමු. ඒ කියන්නේ දේශප්‍රේමියෙක්...

:       1       193

Nandana de silva Monday, 02 April 2018 11:28 AM

ඇඟිල්ලේ තරමට ඉදිමුණා නම් හොඳයි.

:       21       97

banda Monday, 02 April 2018 12:15 PM

රනිල් මේ වේලාවේ ඕන ඉල්ලීමක් දෙනවා...

:       1       185

priyantha Monday, 02 April 2018 12:26 PM

ඔයාගේ මස්සිනා එහෙම ගන්න කිව්වද?

:       30       39

සතයපාල Monday, 02 April 2018 01:22 PM

විග්නේෂ්වරන් කියන්නේ දෙමළ ජාතික සංවිධානයේ නායකයා තියා අඩූම තරමේ පාර්ලීමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් නොවෙයි. දැනටමත් දෙමල ජාතික සන්ධානයේ සහයෝගය රනිල්ට ප්‍රකාශ කරලා තියනවා. ඒක නිසා මෙයා කියන ඒවා බැරෑරුම් ලෙස සැලකිය යුතු නොවේ.

:       0       2

Sakwithi Monday, 02 April 2018 01:30 PM

මස් රාත්තලම ඉල්ලලා ඇති. රටම දන්නවනේ ඔය කට්ටිය ගැන.

:       0       92

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 291 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site