IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතක් අමාරුවේ

(යොහාන් භාසුර)

රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති.

ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලබා වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එය සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන බවත් 2016 වසරෙන් පසුව විශ්‍රාම ලැබූවන්ට දෙන්නේ යැයි ප්‍රකාශ කළ විශේෂ දීමනාව මේ දක්වා නොලැබුණු බවත් විශ්‍රාමිකයෝ කියති.

මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම වැටුප් දීමනාව අද (8) නිකුත් කළ ද එම විශේෂ දීමනාව මේ දක්වා ඇතුළත් කර නොමැති බව ද විශ්‍රාම වැටුප් හිමියෝ සඳහන් කරති.

විශ්‍රාමිකයන්ගේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට කොමසාරිස් ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට උත්සාහ කළ ද ඒ මහතා රැස්වීමක සිටින්නේ යැයි කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ මහතාගේ ජංගම දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.  



අදහස් (5)

විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතක් අමාරුවේ

පියසේන Thursday, 08 February 2024 05:36 PM

අනේ එයාට කියලා වැඩක් නැහැ. මම බලාගෙන ඉන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් තිලකරත්න මැතිතුමා වැනි මානුෂික හැඟීමක් තියෙන කෙනෙක් අධ්‍යක්ෂ ජෙනරාල් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි කුරේ කියලා ඉස්සර යහපත් අධ්‍යක්ෂවරුන් හිටියා...

:       0       0

ලසා Thursday, 08 February 2024 09:57 PM

ඔය ජනරාල් නේද රජයේ නිවාඩු වැඩියි කියපු මනුස්සයා?

:       0       0

ප්‍රසාජිත් Friday, 09 February 2024 04:21 PM

ඕක හොර ගුහාවක්. විශ්‍රාම ගත්තාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැති කාලකන්නි ඉන්නේ...!

:       0       0

Athapaththu rallage jagath athapaththu Friday, 09 February 2024 05:21 PM

කවුරුත් අපි දිහා බලන්නේ නැහැ... අපෙන් වැඩ ගන්නකල් වෙරි ගුඩ් කියනවා විතරයි දැන් අපිට ඒකත් නැහැ. ණය දෙනකොට කියනවා ඔයාගේ වැටුපෙන් මෙච්චර මුදලක් පමණයි කපන්න පුළුවන් කියලා. දැන් කොහොමද පොලී වැඩි වුණා කියලා මුලු විශ්‍රාම වැටුපම කපනවා. හැමදේම ඔවුන්ගේ වාසියට තමයි...!

:       0       0

N.m.r.k.wasantha Friday, 09 February 2024 09:46 PM

මම ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙනවා කිව්ව රුපියල් 10000 තාම නෑ.. මේ අයට යුද්ධය කරන කන් විතරයි අපිව මතක් වුණේ... ඒවට ප්‍රතිචාර ඊළඟ මැතිවරණයේදී හම්බවේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site