IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශ්‍රාම වැටුප් ගොළු වෙලා

(සුජිත් හේවාජුලිගේ )

බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන අංකවලට ඒවායේ නිලධාරීන්  ප්‍රතිචාර නොදැක්වීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව ජනතාව චෝදනා කරති.

සමහර ආයතනවල ජනතාව වෙනුවෙන් හඳුන්වාදී ඇති ක්ෂණික දුරකතන (Hot Line) අංක පවා  ක්‍රියාත්මක නොවන බව ඔවුහු සඳහන් කරති.

විශේෂයෙන්ම විශ්‍රාම  වැටුප් දෙපාර්තමේන්තුවේ දුරකතන අංක බොහොමයක් පසුගිය දින කිහිපයේදී ක්‍රියාත්මක නොවීමෙන්
ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

එම දෙපාර්තමේන්තුවේ 1970 ක්ෂණික දුරකතන අංකය පවා  නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පවසන ජනතාව අද (13) දිනයේද එම දුරකතනය ක්‍රියාත්මක නොවූ බව සඳහන් කරති.

එසේම එහි මධ්‍යගත  අංශයට ඊයේ දවස පුරා දුරකතන ඇමතුම් ගත්තද එම කිසිම ඇමතුමකට එහි නිලධාරීන් පිළිතුරු ලබා නොදුන් බව එම අංශයේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් ලංකාදීපයට පැවැසීය.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ  දුරකතනවල යම් ගැටලූවක් පවතින බවයි.

රාජ්‍ය ආයතන මේ ආකාරයට කාර්යක්ෂම ලෙස වැඩ කරන්නේ නම් රටක් දියුණු කරන්නේ කෙසේදැයි  එම ජනතාව ප්‍රශ්න කරති.

මේ අතර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය දෙන බොහෝ දුරකතන අංකද ක්‍රියාත්මක නොවන ඒවා බව ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.



අදහස් (3)

විශ්‍රාම වැටුප් ගොළු වෙලා

Dharmasiri Wednesday, 13 September 2023 02:11 PM

මේ වනවිට ඔය දෙපාර්තමේන්තුව අන්ත දූෂිත ආයතනයක් වෙලා කියලා නොදන්නා කෙනෙක් නැහැ. 1986 වර්ෂය කාලයේ විශ්‍රාම වැටුප් විමධ්‍යගත කරන අවස්ථාවේ අපිත් ඔය දෙපාර්තමේන්තු කටයුතු කළා. මෙයට අවුරුදු අටකට පමණ පෙර ලබාදුන් විශ්‍රාම වැටුප් කුවිතාන්සිය සකස්කලේ අපි තමයි ඒත් වර්තමානයේ අපි යවන ලිපියකට පිළිතුරක්වත් ලැබෙන්නේ නැහැ. දෙපාර්තමේන්තු ප්‍රධානියා නමින් ලිපියක් යැව්වත් උත්තර නැහැ. වැටුප් විෂමතාව ගැන කිව්වාම කියපු කෙනාට දඬුවම් කරනවා. අහවලා කියපු නිසා. ඔහේගේ වැටුප් අඩුකරන්න වුණා කියලා පාවාදීම කරනවා... නිකුත් කරන චක්‍රලේඛ බලන්න බැහැ. අන්තර්ජාලය අවුරා තියෙනවා වගෙයි. විශ්‍රාම සංගම් අලුත් සාමාජිකයින් ගැනීමට අලුතින් විශ්‍රාම ගිය අයගේ විස්තර ඉල්ලුවාම අලුත් චක්‍රලේඛ මගින් තහනම් කියලා කියනවා කවුරු හෝ බලධාරියෙක් පරීක්ෂා කරනවා නම් සාක්ෂි දෙන්න පුළුවන් මම කියනදේ කොළඹ හිටපු දිසාපති කන්නන්ගර මැතිතුමා ලියපු ලිපියකින් පැහැදිලි වෙනවා...

:       0       1

ravin Wednesday, 13 September 2023 02:28 PM

දුරකථනය පිළිතුරු නොදුන්නොත් නේද ප්‍රශ්නය විසඳන්න වෙන්නේ...? කාර්යක්ෂම තත්වයේ හිනිපෙත්තටම නැගී සිටින රාජ්‍ය ආයතනවලට දුරකථන කුමටද?

:       0       1

සුදත් ජයරත්න Wednesday, 13 September 2023 03:41 PM

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පමණක් නොවෙයි, රජයේ ආයතන අතිබහුතරයක දුරකථනයට ප්‍රතිචාර දැක්වීම ඉතාමත් දුර්වල තත්වයේ තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site