(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරියන් නැවක සේවය කරන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන වංචා කළ බව කියන 25 හැවිරිදි සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.
තරුණිය හඳුනා ගැනීමට ලැබුණේ බම්බලපිටිය ප්‍රදේශයේ දී අහම්බෙන් නෙත ගැටීමෙන් අනතුරුව බවත් එදින සිට මිතුරන් වූ ඔවුන් දෙදෙනා දැඩි ළෙන්ගතුව ඇසුරු කල බවත් එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
ඉකුත් වසරේ දෙසැම්බර් මස 8 වැනි දින කොරියන් නැවේ සේවය සඳහා පිටත්ව ගිය ද එදින සිට 2022 ජූනි මස 25 වැනි දා දක්වා මාස හයක පමණ කාලයක් තුළ තරුණියගේ ඉල්ලීම පරිදි ඇයගේ අවශ්‍යතා සඳහා වරින් වර රුපියල් ලක්ෂ 85 ක් ඇය වෙත එවු බව එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.
ඉකුත් ඔක්තෝම්බර් මස 14 වැනි දින මෙරටට පැමිණි තමන් ඇය හමුවීම සඳහා බම්බලපිටිය ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයට ගිය ද ඇය එහි නැති බවත් මාසයකට පමණ ඉහතදී ඇය ගම් ප්‍රදේශයේ වන කිළිනොච්චියට ගිය බවට දැනගන්නට ලැබුණු බවත් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී පැමිණිලිකරු පවසා තිබිණි.
ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තට එයද අක්‍රිය පැවතීම හේතුවෙන් ඇය පදිංචි නිවස සොයා කිළිනොච්චියට ගිය බවත් නමුත් සොයා ගැනීමට නොහැකි වූ බවත් පැමිණිලිකරුගෙන් අනාවරණය විය.
දහසකුත් බලාපොරොත්තු තබාගෙන විවාහ වීමේ අදහසින් තරුණියට මුදල් ලබා දුන් බවත් ඇය තමන් මගහැරීමේ හේතුවෙන් එම මුදල් ලබා දෙන ලෙස ඉල්ලා එම පුද්ගලයා පැමිණිලි කළ බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකාරියගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා සහ ගිණුම් වාර්තා ඔස්සේ විමර්ශන පවත්වා ඇය පදිංචි සිටින ලිපිනය හඳුනාගෙනෙ පොලිස් පණිවුඩ යවා ඇය කොළඹට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් ඔහුගෙන් මුදල් ලබාගත් බවත් තම අදහස් සහ ඔහුගේ අදහස් නොගැළපීම හේතුවෙන් තමන් ඔහු සමග විවාහ වීමේ බලාපොරොත්තු අත්හැර දැමූ බවත් තරුණියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි යයි පොලීසිය කියයි
ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව තරුණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර තරුණිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සි ඩබ්ලිව් . වික්‍රමසේකර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවාහ පොරොන්දු දී ලක්ෂ 85 ක් වංචා කරලා: රෑපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
විපරමා Thursday, 17 November 2022 06:38 PM
සෑහෙන්ඩ සුද්දයක් දුන්නට පස්සේ වෙන්ඩැති තමුන්ට ඔහුව නොගැළපෙන බව තේරෙන්ඩ ඇත්තේ ? මේ වගේ රැවටිලිවලට අහුවෙන අය තව කොච්චරවත් ඉන්නවද?
dhamneth Thursday, 17 November 2022 08:41 PM
අවුරුදු 25ක තරුනියක් කැමතිවෙයි අවුරුදු 51ක මිනිහෙක් කසාද බදින්න. හරියට තත්තයි දුවයි වගේ.
විජේ Friday, 18 November 2022 03:57 AM
අර පරණ ප්‍රස්ථා පිරුලක් මතක් උනා.