IMG-LOGO

වැවිලි විෂයට නව නීති නවයක්

(අංජුල මහික වීරරත්න)

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව රාජ්‍ය ප්‍රතිපත්තීන්ගේ ප්‍රමුඛත්වය අනුව 2025 වර්ෂයේ  දැනට පවතින පනත් සංශෝධනය කිරීමේ සහ අලුතින් පනත් සම්පාදනය කිරීමේ අවශ්‍යතා  හඳුනා ගෙන ඇත. 

ඒ අනුව පහත සඳහන් නව නීති හඳුන්වා දීම හා පනත් සංශෝධනය කිරීම 2025 වර්ෂයේ රජයේ නීති සම්පාදන වැඩසටහනට ඇතුළත් කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම.

2005 අංක 19 දරන සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම් පනත සශෝධනය කිරීම.

2000 අංක 47 දරන තේ ශක්ති අරමුදල පනත සංශෝධනය කිරීම.

1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම.

1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම

වැවිලි කළමනාකරණ පනත ලෙස නව පනතක් හඳුන්වා දීම.

තුරු සවිය සමිතීන්හි බලතල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නව පනතක් හඳුන්වා දීම.

1971 අංක 46 දරන පොල් සංවර්ධන පනතට කාලීන අවශ්‍යතාව මත නව රෙගුලාසි ඇතුළත් කිරීමට හැකි වන ලෙස එම පනතට සංශෝධන ගෙන ඒම.

1975 අංක 14 දරන තේ මණ්ඩල පනත සහ රෙගුලාසි ආශ්‍රිතසංශෝධන සිදු කිරීම.



අදහස් (1)

වැවිලි විෂයට නව නීති නවයක්

Lankaputha Tuesday, 29 April 2025 02:50 PM

සෑම පුද්ගලයෙකුම නීතිය දන්නවා යැයි සිත.මු මාධ්‍ය කිසි විටෙකත් එය කුමක්දැයි ප්‍රකාශ නොකරයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site