IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


වැවිලියේ අක්කර හාරදාහක් පාළුවට ඇරලා

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුළු ඉඩම්වලින් සියයට තිස් නවයක් එනම් අක්කර හාරදහසක් පමණ  කිසිම ආදායමක් ඉපයීමට දායක කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

සංස්ථාවේ වතු යායන් දාහතකට අයත් සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 11012 ක් බව පවසන විගණන වාර්තාව ඉන් තේ සඳහා හෙක්ටයාර් 4189ක්ද රබර් සඳහා හෙක්ටයාර් හැටපහක්ද  සුළු අපනයන භෝග හා වන වගාව සඳහා හෙක්ටයාර් 2471ක්ද යොදාගෙන ඇතැයි සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන එම සංස්ථාවේ පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ සංස්ථාවට අයත් හෙක්ටයාර් 11012 න් වගා නොකර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර්  4287ක් බවයි.

වගා නොකරන ලද භූමි ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් නකල්ස් රක්ෂිත කලාපයේ පිහිටා ඇති බැවින් එම ප්‍රදේශයන්හි කිසිදු වගාවක් කළ නොහැකි බවද සංස්ථාව පෙන්වා දෙයි

මේ අතර කොන්ත්‍රාත්  කාර්ය  මණ්ඩලය පමණ  ඉක්මවා පත් කර  වැටුප් දීමනා වශයෙන් සඳහා 2020 වර්ෂයේදී ලක්ෂ තිස් එකක්ද ස්ථිර තනතුරු පමණ  ඉක්මවා පත් කර  වැටුප් හා දීමනා වශයෙන්  ලක්ෂ 24ක මුදලක්ද  ගෙවා තිබූ බව වාර්තාවේ  දැක්වේ.

මහනුවර ගාල්ල මාතලේ දිස්ත්‍රික්කවල සංස්ථාව පාලනය කරන  වතු  අටක පර්චස් 450ක භූමි ප්‍රමාණයක් සහ මීට්ලන්ඩ් වතුයායේ  නිල නිවාස දෙකක්ද හුන්නස්ගිරිය වතුයායේ නිල  නිවාස දෙකක්ද වසර 28කට ආසන්න කාලයක සිට අනවසර පදිංචිකරුවන් භුක්ති විඳින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද බදු පදනමට ලබා දී ඇති දේපළ  වෙනුවෙන් බදුකරුවන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න බදු මුදලක්  2020 වර්ෂයේදී අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (0)

වැවිලියේ අක්කර හාරදාහක් පාළුවට ඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 284 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1248 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site