වසර දෙකක කුඩු ජාවාරමෙන් රුපියල් කෝටි විස්සකට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට වෙලේ සුදාටත් , ඔහුගේ බිරියට හා ඥාති සහෝදරියටත් එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් මාසයේ සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (27) නියෝග කළාය.
වසර දෙකක කාලයක් පුරා විවිධ අවස්ථාවල සිදු කෙරුණු බව සඳහන් කරන ගනුදෙනු පාදක කර ගනිමින් එකම චෝදනා පත්‍රයක් යටතේ මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය නඩුව විභාගයට ගැනීමට තිරණය කළාය.
ලබන දෙසැම්බර් 02 වැනිදා සිට නඩුව විභාග කිරිමට තීරණය කළ විනිසුරුවරිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළාය. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනි නොහොත් සුජි හා ඥාති සහෝදරියක වන වසන්ති වසුන්දරා නොහොත් නදි යන තිදෙනාය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වෙලේ සුදා විසි කෝටියක කළු සල්ලි සුදු කරලා‘
මහී Thursday, 27 August 2015 01:14 PM
මොකද මෝරුන්ට වෙලා තියෙන්නේ ? එයාල නිදහස්ද ? (අ)
නුවරඑළියේ වසන්ත Friday, 28 August 2015 05:11 AM
වෙලේ සුදාගේත් කතා විතරයි. හරියට මේ රටේ දේශපාලනඥයෝ වගේ. වෙලේ සුදාත් එක්ක ජාවාරම් කරපු එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තද? නැනේ. මේවා රට්ටු රවටන වැඩ. කොහොම හරි 2020 දී වෙලේ සුදා ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තු එයි. එච්චරයි මේ රටේ ලොක්කොන්ට කරන්න පුළුවන්. (බ)
ප්‍රියංකා Thursday, 27 August 2015 03:29 PM
මහාධිකරණ විනිසුරිවරිය ගත් තීරණය අගය කරමි. (බ)
හිමාලි Friday, 28 August 2015 07:29 AM
අධිකරණයකදී යම් පුද්ගලයෙකු දෙන සාක්ෂිවලදී සඳහන් කරන නම් හිමි පුද්ගලයින් අධිකරණයට කැඳවනවාද යන්න ඒ විනිසුරුගෙ තීරණයක්.(අ)
සම්පත් - දුබි Friday, 28 August 2015 07:43 AM
වෙලේ සුදා පාර්ලිමේන්තුවට යන්න සියලු සුදුසුකම් සපුරාල තියෙන්නේ, අනේ ලිස්ට් එකෙන් හරි අවස්ථාවක් දෙන්න (අ)
මාගලී ෆොන්සේකා Thursday, 27 August 2015 04:12 PM
මහා මොළ කාරයෝ ගැන කතාවක් නැ.මේ හාල්මැස්සෝ අල්ලාගෙන පිස්සු නටනවා (බ)
ආලෝකා Thursday, 27 August 2015 04:22 PM
වෙලේ සුදා මුල්ම කට උත්තරේ දුන්නේ අර කොළොන්නාවේ කාටද සල්ලි දුන්නේ එයාව ආරක්ෂා කරගන්න කියලා, පස්සේ බලපෑම් මත ඒවා ණය මුදල් කිවුවා. අනේ අල්ලලා නඩු දාන්නකෝ (අ)
මොහොමඩ් Thursday, 27 August 2015 12:54 PM
හැකි ඉක්මනින් නඩුව විභාගයට ගෙන නිසි දඩුවම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි (අ)