IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෙලේ සුදා ඇපෑල් ගනී

මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර මහතා අද (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය.

මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව ඔහු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

 

 



අදහස් (0)

වෙලේ සුදා ඇපෑල් ගනී

රෝහිත Wednesday, 14 October 2015 12:41 PM

මෙයාලට උදවු කරන්න නීතීඥ මහතුනුත් ඉන්නවානේ (නි)

:       0       0

ෆාති Thursday, 15 October 2015 05:04 AM

එක දවසක් තුළ අධිකරණයකින් වැරදිකරුවන් කීදෙනෙක් වැරදිකරුවන් කරනවා වියහැකිද. මෙම වැරදිවලින් අවම වශයෙන් තෝරාගත් වැරදිකරුවන්වත් එම තත්වයට පත්වූයේ ඇයි කියා පසුවිපරමක් කරනවද. එවැනි වැරදි කරුවන් නැවත බිහිවීමට ඇති ඉඩකඩ සමාජයෙන් තුරන් කිරීමට නිර්දේශ ලබදෙනවද. නැතිනම් අපරාධකරුවෙකුට විරුද්දව තීන්දුවක්දී අධිකරණයත් අපරාධයක් කරනවද ? අහිංසක දරුදෙදෙනෙක් ගැනද සදහනක් ඇත. (බ)

:       0       0

බණ්ඩා Wednesday, 14 October 2015 03:55 PM

ගෝඨාභය වගේ නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනකුට ගානක් දුන්නනම් ගොඩම තමයි .බිලියන ගණක බිස්නස් කරලා ග්‍රාම කීයද අල්ලාගෙන තියෙන්නේ ? අධිකරණ වෙදා සහතිකපත් මුදලට විකුණන බව දන්නේ නැත්තේ කවුද ?මේ ගිනි කාක්කන් තමන්ගේ දරුපවුලට කන්නදෙන්නේ කර්මය ගැන පසලේදිවත් ඉගෙනගෙන නැතුව වගේ.ඔවුන් යනකොට යන්නේ පවු පිටින් හැඳි ගැවිල.l (බ)

:       0       0

පෙරුමාල් Wednesday, 14 October 2015 04:07 PM

එයාට බැරියැ අැපල් වත්තක්ම වුනත් ගන්න? (බ)

:       0       0

කුමාර Wednesday, 14 October 2015 05:13 PM

සාධාරණ ලෙස සියල්ල විස‍ඳේවා (නි)

:       0       0

කිත්සිරි Wednesday, 14 October 2015 05:15 PM

අපි බලමුකෝ ‍මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අනිල් Wednesday, 14 October 2015 07:16 PM

හාල්මැස්සෝ අල්ලලා වැඩක් නැහැ. තෝරු මෝරු හිරේ යවන්න (නි)

:       0       0

අමල් Wednesday, 14 October 2015 07:24 PM

වෙලේ සුදා කියන්නේ නැතිබැරිකමින් පීඩිතව හිටපු තරුණයෙක්. මේ තරුණයාගේ අසරණකම කුඩු රජවරු විසින් ප්‍රයෝජනයට ගෙන ඔහුව ගොදුරක් කරගත්තා. වෙලේ සුදා නැත්නම් ගොඩේ සුදා කෙනෙක්ව හරි මේගොල්ලෝ බිලිගන්නවා. වහාම මේ කුඩු රජවරු අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන්න. මේ කුඩු රජවරු කුඩු වෙළදාම් කරන්නේ නැතිබැරිකමට නෙමෙයි. (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 14 October 2015 08:33 PM

රෝහිත, නීතිඥ මහතුන් මොවුන්ට උදව් කරනවා නෙමෙයි, සල්ලි ගරනවා. (නි)

:       0       0

පද්මිණි Thursday, 15 October 2015 08:33 AM

අපරාදේ වෙලේ සුදා දුමින්ද වගේ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්ට තිබ්බේ කිසිම විභාගයක් නැහැ. මොහුගේ අතීතය ගැන බැලුවම ඔහු සමාජ අසාධාරණයට ලක් වුණු අහිංසකයෙක් (අ)

:       0       0

දනුක Thursday, 15 October 2015 01:08 AM

ලංකාවේ යුක්තිය ඉෂ්ට කරගන්න අමාරු නීතිඥ මහතුන්ට යන අධික වියදම නිසා. බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තියෙනවා. ලංකාවේ නොමිලේ නීතිඥ සේවය ලබාගත හැකි රජයේ ආයතනයක් තිබෙනවා. මේකේ ඉන්න නීතිඥ මහත්වරු අනිත් අය වගේම දක්ෂ අය. ඒ නිසා පුළුවන්තරම් මේකෙන්ම සේවය ලබාගන්න බලන්න. (නි)

:       0       0

සත්‍යයා Thursday, 15 October 2015 02:29 AM

"ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි......" මේ කැරැල්ල පිටුපස විශාල අභිරහසක් තියෙනවා. ඔහුගේ මිතුරාගේ මරණය සමග ලංකාවේ ඉහළම පෙලේ ප්‍රභූන් රාශියකගේ ජීවනෝපායන් ගැන රහස් සමුදායක්ද මිය ගියා. වෙලේ සුදා එල්ලුවා කියා වෙලේ සුදා මේ තත්වයට පත්කර ඔහු නිසා පොහොසත් වූ කුහක මිනිසුන්ගේ ජීවන චර්යාව කිසිදාක වෙනස් වන්නේ නැහැ. (අ)

:       0       0

නිමල් ලලිත් Thursday, 15 October 2015 03:18 AM

මේ රටේ කෙරෙන අපරාද වලට, වැරදි වලට අපරාද කරුවන් බව දන දැනම , ,වැරැදී කරන අය බව දන දැනම ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත්වෙන අය වග කිව යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site