IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙලේ සුදාගේ බිරිය උසාවිය වටේ දුවයි

වෙලේ සුදා ඔහුගේ බිරිය ගයනි හා වසන්තිට එරෙහිව හෙරොයින් මත් කුඩු බෙදා හැරියේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් ද ලිවේරා මහත්මිය ඉදිරියේ පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය වැරදි නිසා නඩුව පවත්වාගෙන යා නොහැකි බව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේය.

ඔවුනට එරෙහිව නගා ඇති චෝදනා 57 දණ්ඩ නීති සංග්‍රහයේ 174 සහ 175 වගන්තිවලට පටහැනි බව ඔහු තර්ක කළේය. එම වගන්ති අනුව චෝදනා ඉදිරිපත් කළ හැක්කේ වසරකදී සිදුවූ වැරදි වෙනුවෙන් යැයි ඔහු කියා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් කළ හැකි චෝදනා ගණන තුනක් බවද ඔහු කීවේය. සමන්ත කුමාර විදානගේ හෙවත් වෙලේ සුදා ඔහුගේ බිරිය ගයනි ප්‍රියන්ති හා වසන්ති වසුන්දරාට එරෙහිව මේ නඩුව පවරා ඇත.

අපරාධවලින් උපයාගත් බව කියන රුපියල් කෝටි 17කින් චංචල හා නිශ්චල දේපළ මිලට ගත්තැයි එම චෝදනා 57 දැක්වේ. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මුදලිගේ මහතා විත්තියේ නීතිඥවරයාගේ කරුණු දැක්වීමට විරෝධය පළ කළේය.

ඔහු තර්ක කළේ දණ්ඩ නීති සංග්‍රහයේ පළමුවැනි ඡේදය යටතේ එවැනි චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි. එකකට එකක් සම්බන්ධ චෝදනා එසේ ගොනු කිරීමට එම වගන්තියෙන් ඉඩ ලැබෙන බවද ඔහු කියා සිටියේය.

ලිඛිත සන්දේශ ඉදිරිපත් කිරීම සඳහා නඩුව මැයි 5 වැනිදාට කල් තැබිණි. හෙරොයින් මත් කුඩු විකිණූ මුදලින් සැකකරුවන් කොළඹ, රාජගිරිය, පන්නිපිටිය, මාදිවෙල, දෙහිවල නිවාස හා ඉඩම්ද බී.එම්.ඩබ්ලිව් කාරයක් හා ජීප් රියද මිලට ගෙන ඇතැයිද තවත් මුදල් බැංකුවල තැන්පත් කර ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුරයේ 2000 ප්ලාසා සුපිරි මහල් නිවාසයේ හෙරොයින් වැටලීමකින් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පරීක්ෂණ ඇරඹීය. ඒ අනුව හෙරොයින් මත් කුඩු කිලෝවක්ද සැකකරුවෝ කිහිපදෙනෙක්ද අත් අඩංගුවට ගනු ලැබූහ.

පාකිස්ථානයේ සැඟවී සිටි වෙලේ සුදා ගිය රජය කාලයේ අත් අඩංගුවට ගෙන නව රජය පත්වූ පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනිණි. වෙලේ සුදාගේ තවත් හවුල්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ගිය සතියේ පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරිණි.

RDS_9796 - Copy - Copy RDS_9843 RDS_9876RDS_9808 RDS_9849 RDS_9857 RDS_9828 RDS_9805



අදහස් (0)

වෙලේ සුදාගේ බිරිය උසාවිය වටේ දුවයි

නිරුප Monday, 23 March 2015 10:54 AM

දිට්ඨ ධම්මවේදනීය කර්මය ...(අ)

:       0       0

සත්‍යපාල Monday, 23 March 2015 11:14 AM

එහෙනම් ලජ්ජාවත් ටිකක් හරි තිබිලා තියෙනවා! (ම)

:       0       0

සෙනරත් Monday, 23 March 2015 02:22 PM

පසුගිය ආණ්ඩුවේ දේශ පාලනය කළ අයව කොහොම හරි ගස් යවල මෙයාව නිදහස් කර ගනී වත්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site