(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයේ නිකුත් කරනු ලබන බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිවයින පුරා මුදලට අලෙවි කිරීමේ යෙදුණු කුරුණෑගල දඹුල්ල පාරේ මුද්‍රණාලයක් වැටලූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
එම වැටලීමේදී මුද්‍රණාලයේ හිමිකරු මුද්‍රණය කර තිබූ ව්‍යාජ බලපත්‍ර 102 ක් ,මුද්‍රණ යන්ත්‍ර,ව්‍යාජ බලපත්‍ර යොදාගෙන වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සහ එහි රියදුරන් ඇතුළු මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි ඇතුළු අමු ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
ව්‍යාජ ලෙස ඛනිජ හා වැලි බලපත්‍ර මුද්‍රණය කර මුදලට අලෙවිකරණ මුද්‍රණාලය පිළිබඳ පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එහි දී අත්අඩංගුවට ගත් මුද්‍රණාල හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ බලපත්‍ර 50 ක් අඩංගු පොතක් රුපියල් 5000 මුදලකට අලෙවි කළ බවත් මෙම ජාවාරම වසරකට පමණ කාලයක සිට කරගෙන ගිය බවත් ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි අදින්න හොරට බලපත්‍ර හැදූ මුද්‍රණාලයක් වටලයි
ravin Wednesday, 21 September 2022 05:24 PM
බලන්න හොඳට... එතනෝල්ගේ කෙනෙක් වෙන්නැති. ඔය පැත්තේ ජඩවැඩ, බලුවැඩ කරනවා නම් පිටිපස්සේ එතනෝල් ඉන්නවාමයි.
sriyal Thursday, 22 September 2022 11:58 AM
බලපත්‍ර ලබාදීම සරල කිරීම අපරාධ අඩු වීම ට හේතුවේ