IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වේල්ස් කුමර - මැදබැද්ද මහ විදුහල 20 න් පහළ අත්පන්දු ශූරතා දිනති

පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) තෙවැනි වරටත් සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ අත්පන්දු තරගාවලියේදී බාලක කුසලාන ශූරතාව දිනාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය. ගලේවෙල මැදබැද්ද මහ විදුහල බාලිකා කුසලාන ශූරතාව දිනා ගත්තේය.

පසුගිය වසරේ බාලක ශූරතාව දිනාගත් කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට මෙවර අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. මෙම තරගාවලිය දින තුනක් පුරා මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 8 ක් සහභාගි වූහ.

කුසලාන ශූරතා බාලක අවසන් මහ තරගයේදී වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 5.4 ක තියුණු ජයක් ලැබූහ. කුසලාන ශූරතා බාලිකා අවසන් මහ තරගයේදී මැදබැද්ද මහ විදුහල විසින් ලකුණු 6.1 කින් නුගේගොඩ  අනුලා විදුහල් පිල පරාජය කරන ලදි.

කුසලාන ශූරතා බාලක තෙවැනි ස්ථානය ගලේවල මැදබැද්ද මහ විදුහලට හිමිවිය.

සෙසු තරග ප‍්‍රතිඵල

පළඟ ශූරතාව (බාලක)
ශූරතාව - ගලේවෙල ශාන්ත අන්තෝනි විදුහල,
අනු ශූරතාව - පානදුර රාජකීය විදුහල
තෙවැනි ස්ථානය - කොළඹ නාලන්දා විදුහල

පළඟ ශූරතාව (බාලිකා)
ශූරතාව - දේවිබාලිකා විදුහල් ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - කොළඹ බෞද්ධ කාන්තා විදුහල

බඳුන ශූරතා (බාලක)
ශූරතාව - ඞී. එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම
අනු ශූරතාව - කොළඹ නාලන්දා විදුහල් ‘සී’ කණ්ඩායම
තෙවැනි ස්ථානය - කොළඹ ආනන්ද විදුහල

බඳුන ශූරතා (බාලිකා)
ශූරතාව - කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය
අනු ශූරතාව - දේවිබාලිකා විදුහල් ‘බී’ කණ්ඩායම
තෙවැනි ස්ථානය - නුගේගොඩ අනුලා විදුහල් ‘බී’ කණ්ඩායම

මෙම තරගාවලිය සඳහා පිට පිටම තෙවැනි වසරටත් ‘නියෝ හෝම්ස්’ සමාගම අනුග‍්‍රහය දැක්වීය.



අදහස් (0)

වේල්ස් කුමර - මැදබැද්ද මහ විදුහල 20 න් පහළ අත්පන්දු ශූරතා දිනති

ප්‍රනාන්දු Friday, 24 May 2013 06:47 AM

අපේ පාසලට සුභපැතුම් (වේල්ස් කුමාර )

:       0       0

සංජීව Friday, 24 May 2013 07:23 AM

මචං ෆිල්ම් එකේ කට්ටියද මේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site