IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැලිසර ආර්ථිකය හදන්න දුන් කෝටි 4ක් අතුරුදහන්

(කාංචන කුමාර ආරියදාස)

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් එකතු කළ රුපියල් ලක්ෂ 450 මුදල අමාත්‍යාංශයේ තිබී අතුරුදන් වී ඇති බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව දැනුම්වත් කළද මෙතෙක් කිසිම අවධානයක් යොමු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ ප්‍රධාන ලේකම් රොෂාන් කුරේ මහතා  පැවැසීය.

ඔහු ඒ බව පැවැසුවේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම්, කොළඹ මැනින් වෙළෙඳ සංගමය හා ඒකාබද්ධ කරමින් දඹුල්ල පෞද්ගලික හෝටලයක දී  පැවැති නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණයෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයන්ගේ අයිතිය රජය විසින් අහිමිකර ඇති අතර ඇමැතිවරයාගේ සහ ජනාධිපතිවරුන්ගේ අවශ්‍යතා පරිදි බදු කාලසීමා වෙනස් කරන බවද ඔහු කීවේය.

විදේශ ව්‍යාපාරිකයන්ට අවුරුදු 99කට අයිතිය ලබාදෙන රජය වසර ගණනාවක් තිස්සේ ගොවීන් සමග ගනුදෙනු කරන දේශීය ව්‍යාපාරිකයන්ට කොකා පෙන්වන බවත් ප්‍රධාන ලේකම්වරයා පැවැසීය.

ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය සංගමයේ සභාපතිවරයා ලෙස පත්වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා මාධ්‍ය හමුව අමතමින් කීවේ කෘෂිකර්මය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් වර්තමාන රජය ක්‍රියාත්මක කර තිබෙන බවට සැක මතුවන බවය.

ව්‍යාපාරිකයාත් ගොවියාත් අකර්මණ්‍ය කරමින් ඉන්දියාවෙන් එළවළු ආනයනය කිරීමේ ක්‍රමවේදයකට යන බවට සැකයක් මතුවන බව ඔහු පැවැසීය.

බිත්තර ගොවිපළ විනාශ කළ ආකාරයටම ගොවියා විනාශ කිරීම් සිදු කරන්නේ යැයිද හෙතෙම චෝදනා කළේය.

එහි මහ සභා නියෝජිතයකු වූ අයි.ජී. විජේනන්ද මහතා එළවළු ඇසුරුම් කිරීම කිලෝ 25කට සීමා කිරීමේ නීතියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කළේය.

ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ කෘෂිකර්මාන්තය පිළිබඳව රජය කිසිදු අවධානයක් යොමු නොකර ආර්ථික මධ්‍යස්ථාන විනාශ කරමින් සිටින බවය.

 



අදහස් (5)

වැලිසර ආර්ථිකය හදන්න දුන් කෝටි 4ක් අතුරුදහන්

Bamunuarachchi Monday, 12 June 2023 10:11 PM

සල්ලි දුන්නේ මන්ත්‍රී යටද? එහෙනම් වැඩේ හරි?

:       0       3

ranjith Tuesday, 13 June 2023 06:35 AM

දුෂණ වංචා හොරකම් . මේවා ගැන කියනවා පමණයි .රට කවදා හැදේවිද

:       0       3

fairoos Tuesday, 13 June 2023 12:05 PM

නන්දසේන රට කෑව බයියන්ට මෙව කවද තෙරේද මද?

:       0       3

Mahasen Tuesday, 13 June 2023 03:30 PM

මෛත්‍රී සහ රනිල් සුකිත මුදිත කල රටට කල වින්නැහිය

:       0       0

Bamunuarachchi Wednesday, 14 June 2023 02:31 AM

මෙයා නන්දසේනගේ පස්ස පැත්තේ එල්ලෙන්නේ නන්දසේන සෙට් එකටම වැඩේ දීපු නිසා වෙන්න ඇති. තාම ඉවර නැහැ ගොයියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site