IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී

යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පළමු වරට සංවිධානය කරන ‘වලව සුපර් ක්‍රොස් - 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 20 වැනිදා උඩවලව සෙවණගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. උඩවලව ජාතික වනෝද්‍යානයට සමීපව උඩවලව තණමල්විල මාර්ගයේ 17 වැනි කණුව අසළ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු රෙජිමේන්තු යුද හමුදා කඳවුරට අයත් මෙම ධාවන පථයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර 1.5 කි. මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරු පැදි ඉසව් 12 කින් සමන්විත මෙම තරගාවලියේදී දිවයිනේ නම ගිය මෝටර් රථ ධාවකයන් සහ යතුරු පැදි තරගකරුවෝ 150 කට ආසන්න පිරිසක් මෙම තරගාවලියට සහභාගිවෙති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යතුරු පැදි මෝටර් ක්‍රොස් ශූරයා ගයාන් සඳරුවන් මෙම තරගාවලියට සහභාගි නොවීම කී‍්‍රඩා ලෝලීන්ට සුබ ආරංචියක් නොවනු ඇත. පසුගියදා පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම්වල නිරතවීමේදී සිය පිට කොන්දේ ඇති වු ආබාධය සම්පූර්ණයෙන්ම සුව නොවීම නිසා තමන් මෙම තරගාවලියට සහභාගි නොවන බව සඳරුවන් ‘ලංකාදීපයට’ පැවසීය. වෛද්‍ය උපදෙස්වලට අනුව මාස තුනක කාලයක් විවේකය අවශ්‍ය බවත්, ලබන වසරේ ජනවාරි මස සිට පුහුණුවීම්වලට යොමු වන බවත් ගයාන් පවසයි.කෙසේ වෙතත් ගයාන්ගේ අඩුව පුරවමින් ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් තරගාවලියේ 250 සී. සී. සහ 125 සී. සී. රේසිං ඉසව් සඳහා සහභාගි වෙයි. යතුරු පැදි ඉසව් අතරට කනිෂ්ඨ ධාවකයන් සඳහා ඉසව් සහ සුපර් මෝටාඞ් ඉසව් ද ඇතුළත්වේ. මෝටර් රථ ඉසව්වල වේගවත්ම ඉසව් වන සිලින්ඩර ධාරිතාව 1600 සී. සී. සහ එස්. එල්. ජී. ටී කාර් 3500 සී. සී. ඉසව් ද තරගාවලියට ඇතුළත්වේ. තරගාවලිය දැනුවත් කිරීම සඳහා කොළඹ පැවැති මධ්‍ය හමුවේදී යුද හමුදා මෝටර් රථ හා යතුරු පැදි ක‍්‍රීඩා කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ මහතා පැවසුවේ උඩවලව ප‍්‍රදේශයේදී පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය දැකගැනීමට එම ප‍්‍රදේශයේ ජනතාව උනන්දුවෙන් පසුවන බවයි.තරගාවලිය පැවැත්වීමෙන් උඩවලව ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ද සැලසෙන බව බි‍්‍රගේඩියර් මායාදුන්නේ මහතා පැවසීය. තරගාවලියේ ජයග‍්‍රාහී ධාවකයන්ට කුසලාන සමග මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය සහ යුද හමුදා මෝටර් රථ ධාවකයන්ගේ කමිටුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරති.



අදහස් (0)

‘වලව සුපර් ක්‍රොස්’ 20 දා සෙවණගලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site