IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


වල්ල ශාඛයෙන් රට සල්ලි?

ගයිරිනෝප්ස් වල්ල හෙවත්  වල්ලපට්ට ශාඛය  අන්තර් ජාතික තර්ජනයට ලක්වූ ශාඛ ලැයිස්තුවට අදාල හෙයින් පිටරට නොයැවිය  යුතු යැයි ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. පෙරදිග රටවල්වන මලයාසියා, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල අගිල් වශයෙන් භාවිතා කරන සුවිශේෂ වූ සුවඳ වර්ගය, නිෂ්පාදනය කරන්නේද මෙම ශාකයේ කඳ ප‍්‍රදේශයෙන් දිලීරයන් සේ නිකුත් කෙරෙන දුම්මල වැනි දේකිනි. වල්ලපට්ට ශාඛය මෙරට තෙත් කලාපයේ තිබෙන අතර මෙම ශාඛයේ වටිනාකම සම්බන්ධව එතරම් පිරිසක් දැන සිටියේ නැත. ලී ග‍්‍රෑමයක් ඩොලර් පහක් (රුපියල් 650) පමණ වටිනා කමක්  තිබෙන බවද විජේසුන්දර  මහතා පවසයි. තර්ජනයට ලක්වූ ශාඛ ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට පවා මෙම ශාඛය  නිර්දේශ වී ඇති හෙයින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡුා කර මෙම ශාඛය සම්බන්ධව ඉදිරියේදී සංරක්ෂණ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමත් රට සල්ලි උපයා ගැනීම හැකි බවද ඔහු කීය.



අදහස් (0)

වල්ල ශාඛයෙන් රට සල්ලි?

සිරනි Monday, 03 December 2012 07:15 AM

මම මතුගම. අපේ පැත්තේ වල්ල ගස් කියනඒවා ඔනෑතරම් වැවෙනවා. හරි ඉක්මනට. ඔයතරම් වටිනවා නම් වවන්න බැරිද. අපි ඒවා ගන්නේ කිතුල් මල් වෙලන්න විතරයි. ලීය ඉක්මනට දිරනවා (දී)

:       0       0

ලලිත් Friday, 13 September 2013 06:25 PM

අපි මේවා දරට ගන්න ගොඩක් ගස් විනාශ කළා. එහෙත් දැන් වටිනාකම දන්න නිසා ගස් කපන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රශාන් Monday, 03 December 2012 09:59 AM

මෙකේ වටිනාකම සාමන්‍ය ජනතාවට කිව්වම හෑම මිනිහෙක්ම මෙම ගස් ජාතිය රට පටවන්න බලයි..... (ස)

:       0       0

අනුර Sunday, 02 December 2012 01:56 PM

අපෝ විනාසයි. දැන් මුලක්වත් ති‍යන එකක් නෑ අපේ අය (ස)

:       0       0

ලාල් Sunday, 02 December 2012 02:26 PM

සල්ලි හොයන්න කියලා ගස් ඔක්කොම මපන්න නම් එපා (දී)

:       0       0

පාලිත Sunday, 02 December 2012 02:36 PM

මේ ශාකයේ විද්‍යාත්මක නම කුමක්ද (දී)

:       0       0

කුරුවිට Sunday, 02 December 2012 02:58 PM

එහෙනම් ඉතින් අපි ගොඩ (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 03 December 2012 11:39 AM

"මෙකේ වටිනාකම සාමන්‍ය ජනතාවට කිව්වම හෑම මිනිහෙක්ම මෙම ගස් ජාතිය රට පටවන්න බලයි....." විධිමත්ව වගාකරලා රට පටවන්න පුළුවන් නම් මොකක්ද ඉතින් එකේ ඇති වරද? අපි ඔය කුරුඳු වලටත් කරන්නේ ඒකමනේ. එත් මම හිතන්නේ අපි ඔය දකින සුලභ 'වල්ල' ශාඛය මේ කියන ගයිරිනොප්ස් ශාකය නෙවෙයි කියලා. මේ පැතිවල තියෙන ගහේ නම් සැලකිය යුතු සුවඳක් නැහැනේ... (දී)

:       0       0

කිර්ති Sunday, 02 December 2012 03:58 PM

හොද විදිහට යොදා ගත්තොත් හොදයි (දී)

:       0       0

සෑම් Sunday, 02 December 2012 04:30 PM

අපටත් බලාගන්න පින්තූරයක් දැම්මනම් තමා වැඩිය හොඳ....(ස)

:       0       0

ප්‍රසන්න Sunday, 02 December 2012 04:41 PM

සල්ලි හොයන්න ගස් කපන්න නම් එපා (දී)

:       0       0

හිල්ම් Sunday, 02 December 2012 07:34 PM

ඒ ශාකය අපි රැක ගන්න ඕනේ (දී)

:       0       0

චින්තක Monday, 03 December 2012 01:59 PM

දැන් ඉතින් පුදුම තරඟයක් තියේවි ඉස්සරහට ‍‍‍........(ස)

:       0       0

අජිත් Sunday, 02 December 2012 08:54 PM

වටිනා ශාකයක්. පරිස්සම් කර ගම්මු(දී)

:       0       0

කුරුවිට Monday, 03 December 2012 02:56 PM

ශ්‍රියානි හරියට හරි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site