(යොහාන් භාසුර)
දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම ලකුණු 213 කට සීමා කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ලකුණු 214ක් ඉලක්කය සම්පූර්ණ කළ යුතුය.
දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 10යෙදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 40 කට කඩුලූ 5ක් දවා ගැනීමට සමත් විය.
දුනිත්, විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ කේ. එල්. රාහුල් ඇතුළු ඉන්දීය පිලේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරුවන් 5ක් දවා ගැනීම කැපී පෙනුණි.
චරිත් අසලංක ඉන්දීය පිලේ මැද පෙළ සහ පසුපෙල අකර්මණ්‍ය කරමින් ඕවර 9 කදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.
ඉන්දීය පිල ඕවර 49.1 යේදී සියලු දෙනා දැවී 213
(රෝහිත් ශර්මා 53, ෂුබ්මන් ගිල් 19, ඉෂන් ක්‍රිෂන් 33, කේ. එල්. රාහුල් 39, අක්ෂර් පටෙල් 26, දුනිත් වෙල්ලාලගේ 40/5, චරිත් අසලංක 18/4)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙල්ලාලගේ- අසලංක ඉන්දීය ඉනිම වනසති
Ruhunu Tuesday, 12 September 2023 11:07 PM
ඉන්දියාව 50 ගැහුවා නම් අපේ අය 45 ඕල් අවුට් වෙනවා.