IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


විලිරුදා උපකාර පුහුණුව බැංකොක් පොලිසියට

තායිලන්තයේ බැංකොක් නුවර රථවාහන තදබදය අතින් ලොව ඉහළින්ම සිටින අගනුවරකි. බැංකොන් නුවර මැද පිහිටි බැංකොක් මහා රෝහල වෙත හදිසි රෝගියකු රැගෙන යෑමට පැය කිහිපයක් ගත වන බව එරට මාධ්‍ය පවසයි.  පසුගිය වසරේදී ගැබි‚ මව්වරුන් සියයකට වැඩි පිරිසක් හදිසි දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහලට යාගැනීමට නොහැකිව රථවාහන තුළදීම දරුවන් බිහි කළ බව එම මාධ්‍ය පවසයි. මේ පිළිබඳව අවධානය යොමු කළ තායිලන්ත රථවාහන පොලිසිය තෝරා ගත් පොලිස් නිලධාරීන් පිරිසකට හදිසි අවස්ථාවකදී ගැබි‚ මවකට දරු ප්‍රසූතිය සඳහා පිහිටවීම වෙනුවෙන් විශේෂ පුහුණු පාඨමාලාවක් පැවැත්වීය. බැංකොක් නුවර රථවාහන පොලිසියේ සේවය කරන මතා ජොකොක්සුං එම පාඨමාලාව හැදෑරූවෙකි. වාහන තදබදයට හසුවී රෝහලට යා ගැනීමට නොහැකිව ප්‍රසූත වේදනාවෙන් පෙලූන මව්වරුන් හතළිස් හත් දෙනකුගේ කිරි කැටි බිලිඳුන් තමන් අතින් මේ ලෝකයේ එළිය දුටු බව ඔහු පවසයි. පසුගිය අගෝස්තු මාසයේදී රථවාහන පෝලිමට හසුවී කුලී රථයක ප්‍රසූත වේදනාවෙන් කෑ ගැසූ මවකට පිහිටවීමෙන් ඉපදුන බිලිඳා ඔහු අතින් මේ ලොව එළිය දුටු හතළිස් හත්වැනි බිලිඳාය.



අදහස් (0)

විලිරුදා උපකාර පුහුණුව බැංකොක් පොලිසියට

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 06:26 PM

හොඳ වැඩක්. (ස)

:       0       0

ලලිත් කටාර් Sunday, 30 September 2012 06:41 PM

ඕනම රජයක්, ආයතනයක්, සමාගමක් හෝ පුද්ගලයකු හරිම අවශ්‍යතාවය තේරුම්ගත යුතුයි. එවිට ඒ අයට හෝ ආයතනය හෝ රජය පරාජය වෙනවා අඩුයි. ඒ අතින් තායිලන්ත පොලිස් දෙපාර්තමේන්තුවට මගේ බලවත් සතුට සමග ස්තූතිය. මෙය ලොවටම ආදර්ශයක්. (ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 06:47 PM

අපේ ගුවන්තොටුපොළේ අයට දෙන්න කුඩු සහ රත්තරන් ගන්න හැටි ගැන පුහුණුවක්. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 06:59 PM

ඒ අය කරන්නේ වින්නඹු කම් මේ අය කරන්නේ දත් ගැලවීම. පාරවල් වල මිනිස්සු මළාට ඔච්චර පාරවල් වල ඉපදෙනවා කියල ඇහුවමයි. (ස)

:       0       0

තුවාන් Sunday, 30 September 2012 09:29 PM

දේසේ හැටියට වාසේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 368 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site