IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි

මේ වන විට තුවාල ලැබූ 20 දෙනකු පමණ ඩයරබා මිරාවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

30කට අධික පිරිසක් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. මේ වන විටත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාල කරුවන් ගොඩ ගෙන රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව එහි සිටින අප වාර්තා කරුවෝ පැවැසූහ.

ඉන් තරමක් බරපතල තත්වයේ සිටි තුවාල කරුවන් අට දෙනකු වැලිමඩ රෝහලට මාරු කළ යැවූ බව මිරාවත්ත රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 



අදහස් (2)

වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල

jayaka Sunday, 11 May 2025 10:16 AM

මේවට රජය වගකියන්න ඕනේ. රජය මේ බස් නියාමනය හරියට නොකිරීම තමා මෙවට මුල. ඒකට මෙයාලට හයියක් නැහැ. බස් රියදුරෙක් වෙන්න වෙනම ලයිසන් එකක්, පුහුණුවක්, ලිඛිත පරික්ෂණයකින් සමත් වෙන අය විතරක් ඇතුලත් කරගන්න ඔනේ. එතකොට මේ රැකියාවට එන යම්කිසි දැනුමක් ඇති අය විතරයි. මුලදී රියදුරු හිඟයක් ඇති වෙයි. හැබැයි ඒකේ මිනිස් ජීවිත නවතිනවට වඩා හොඳයි.

:       2       0

දිනේෂ් Sunday, 11 May 2025 11:44 PM

මේ මාස 6 ට සියලු දේවල් කරන්න අණ්ඩුවේ විශ්ව කර්මයෝ නෑ. සමස්ත රියැදුරන්ගෙන් මේ මාස 6ට ලයිසන් ගත්තු අය කීදෙනෙකු ඉන්නවාද කියලා කාට හරි කියන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site