IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලිමඩට එස්.ටී.එෆ් කැඳවයි

වැලිමඩ අවන්හලක ඇතිවූ ගැටුමකින් පසු දෙදෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.

දෙදෙනකු පැමිණ කඩයකින් ආහාර ගැනීමෙන් පසු මුදල් ගෙවන්නට යාමේදී ආහාරවල බිල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත අවන්හල් හිමියාට පහර දී ඇති බවත්, අවන්හලේ පිරිසගේ ප්‍රතිප්‍රහාරවලින් දෙදෙනා මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවෝ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඇතිවූ ගැටුමින් පසු එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට යයි. 

P1370203 P1370204 P1370206  vlcsnap-2015-07-15-22h42m04s873 vlcsnap-2015-07-15-22h42m16s006 vlcsnap-2015-07-15-22h42m57s479

ඡායාරූප - රත්නම් කෝගුලන්



අදහස් (0)

වැලිමඩට එස්.ටී.එෆ් කැඳවයි

මාගලී ෆොන්සේකා Thursday, 16 July 2015 04:26 AM

හැබැයි කියන්නේ ජීවත් වෙන්න හොදම රට කියලා (බ)

:       0       0

සංජය Thursday, 16 July 2015 04:37 AM

ප්‍රසංග වෙත, මිනීමරුවන්ට දඩුවම් ලැබී ඇත. ගෙදර ගිහින් සහෝදරයව එක්කන් අාවේ මිනිමරුවන්ය. ඔවුන් තමයි මෙයට මුල, කාල සල්ලි දීලා නෑ (බ)

:       0       0

තරංග Thursday, 16 July 2015 04:38 AM

මොකද හිතමිතුරු සිද්ද වෙන්නේ (බ)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 16 July 2015 01:51 AM

තමාගේ චණ්ඩිකම පෙන්නන්න ගිහින් ජීවිත දෙකක් අකාලයේ නැතිඋනා. මේ හැම දේකටම මුල හදිසි කෝපයයි.වැරදි කිරීමයි. (ස)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 01:54 AM

ඉල්ලන් කැමක් (ස)

:       0       0

සුනිල් Thursday, 16 July 2015 02:08 AM

ආත්ම ආරක්ෂාවට කල දෙයක්. (ස)

:       0       0

ප්‍රසංග Thursday, 16 July 2015 02:17 AM

මිනීමරුවන්ට නිසි දඩුවම් දෙන්න (නදී)

:       0       0

දේශප්‍රිය Friday, 17 July 2015 01:28 PM

ආත්මාරක්ෂාව කියල 10 ක් එකතුවෙලා 2 ක් මරන්න බෑ. ඒ මොන නීතියක්ද? ඒ 10 එකතුවෙලා දෙන්නව අල්ලලා පොලිසියට බාර දෙන්න තිබුනේ. (නදී)

:       0       0

නවුෆල් Thursday, 16 July 2015 05:55 AM

මරන්නේ නැතුව නළවන්නද? මිනීමරුවෝ නෙවෙයි ඔවුන් තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක්. (ස)

:       0       0

නන්දසේන Friday, 17 July 2015 05:36 AM

බලනකොට අද කාලේ මිනිස්සු හරිම දරුණුයිනේ! (නි)

:       0       0

සංජය Thursday, 16 July 2015 08:59 AM

රුපවති වෙත, කන්න ඕනේ නම්, බඩගිනි නම් නිහතමානිව ඉලන්න තිබ්බා (අ)

:       0       0

රොෂාන්ත සිල්වා Thursday, 16 July 2015 06:37 AM

නියම පාඩම. හැබැයි මැරුවේ අපරාදේ. (නදී)

:       0       0

රූපවතී Thursday, 16 July 2015 06:47 AM

මම ලංකාවේ ඉද්දි අනන්තවත් කෑම කන වෙලාවට හිගන මනුස්සයෙක් හෝ හිගන මවක් දරුවෙකු සමග නිවසට ආවොත් අනන්ත මගේ කෑම එක කන්න දීල මම බඩගින්නේ ඉදපු අවස්තානම් අනන්තයි. දරුවා ලැබෙන්න ඉද්දිත් මම එවැනි අවස්ථා කීපයකටම ඉතා සතුටින් මුහුණදීලා තියෙනවා. අදටත් මම ඒ සිදුවීම් මගේ මහත්තයා සමග කියල අප්‍රමාන සතුටුවන අවස්ථා තියෙනවා. ඇයි එ් මිනිසුන්ට කන්නදීල මැරුවේ? වරදක් කලානම් නීතිය ඉදිරියට ඔවුන්ව අල්ලා ගස් බැඳලා හරි වරදට දඩුවම් කරලා මිනිස් ජීවිතේට හරිදේ පෙන්නලා දෙන්න තිබුනා. කව්රු වරද කලත් අද එක පාර්ශවයක් මිනීමරුවෝ උනේ. තමන් හරියි කියල අනුන්ට පාඩම් උගන්වන්න ගිය එකෙන් නේද..? බඩගින්නට අපි කව්රු උනත් කෑම ටිකක් දෙන්න අපේ රටේ මේ වන තුරු කිසිවෙකු පසුබට උනේ නැහැ. මැර බලෙන් යමක් කලොත් ඒ වට මිනිසුන්ට පුළුවන් නීතියෙන් ක්‍රියාකරන්න. මිනිසුනේ හරිදේ ගැන නිතර හිතන්න. අද කිසිවෙකු ඔබ මිනීමැරුම කලේ ආත්ම ආරක්ෂාවට කියල නිදොස් කරනු නොමැත (නදී)

:       0       0

ෂේන් Wednesday, 22 July 2015 12:41 PM

කොහොමෙන් කොහොම හරි අහිංසක දරුවෝ උන්ගේ අම්මලා අනත වුණ පවුල් දෙකකම. (අ)

:       0       0

නිලංග දිනේෂ් Thursday, 16 July 2015 03:35 AM

ආත්ම ආරක්ෂාව සදහා සිදු වූ මරණයක් නම් හෝටලේ අය නිර්දෝෂයි (අ)

:       0       0

රූපවතී Thursday, 16 July 2015 04:04 AM

මේ රටේ නැතිවී ගිය මිනිස්කම් අායනම් කිසිම දාක නැවත ගොඩගත නොහැක. දිනෙන් දින අපට පෙනෙන්නේ මිනිසුන්ගේ නොමනා පහත් ක්‍රියාවන්ය. මියයන්න පන අදින මහල්ලාගේ සිට මොන්ටි සෝරියන වයසේ දරුවා ලගට එනකම්ම පිරිහිලා සමාජේ. දුකයි, දිනෙන් දින මේවා විවිධාකාර ලෙස සමාජයේ ඔඩු දුවනවා. පිලියමක් නොමැත. (නදී)

:       0       0

සම්පත් Friday, 17 July 2015 07:40 AM

ආපනශාලා හෝටල් වල බිල් වැඩිපුර දානවා. අනෙක නරක් උන කෑම දෙනවා. ඒවා අහන්න ගියාම ගහල මරනවා. මේක ගොඩක් තැන්වල වෙන දෙයක්. පස්සේ කියනවා බිල ගෙව්වේ නැහැ මංකොල්ල කන්න අාව කියල. ඕනෙනම් අල්ලලා බැඳල පොලිසියට බාරදෙන්න තිබුන. නීතිය අතට ගන්න බැහැ කාටවත්. ආත්මආරක්ෂාව තර්ජනයේ තරමට පමණි. එහි රැකවරණය ලැබීමට සාධාරන පසුබිමක් තිබිය යුතුයි. මෙහි එවැන්නක් නොපෙනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site