IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලිතිප්පොළ වෙන් කරන්න ආ නිලධාරීන් පන්නා දමති

(නිමල් ජයරත්න)

පොලොන්නරුව, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය මහවැලි ගඟේ, පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයෙන් වැලිමංකඩ 26ක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීමට භූ පරීක්ෂණයට ආ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සහ වනජීවි නිලධාරින්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය .

අවට පරිසරයට හානි වන පරිදි දේශපාලන හිතවතුන්ට සහ පිටස්තර ව්‍යාපාරිකයන් පිරිසකට මනම්පිටිය වැලි මංකඩලාභීන්, වැලි ගොඩදමන කම්කරුවන් සහ ටිපර් රථ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එල්ල කළ දැඩි විරෝධය හමුවේ ඔවුන්ට හිස් අතින් යාමට සිදුවහ.

මනම්පිටිය මහවැලි ගඟේ ජල පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශයේ පිටස්තර මහා පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසකට සහ දේශපාලන හිතවතුන්ට මෙම වැලිමංකඩ ලබාදීමට භූ විද්‍ය හා පතල්  කාර්යාංශය සැලසුම් කර ඇතැයි විරෝධය දැක් වූ පිරිස චෝදනා කරති.

එම වැලිමංකඩ ලබාදීමේදී වන අලින් වන සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවත්, එම ප්‍රදේශයේ වැලිමංකඩ ලබාදීමට කටයුතු කළහොත් වියලි කාලයන්හිදී පොළොන්නරුව රෝහල ඇතුළු පොළොන්නරුව ප්‍රදේශයේ පවුල් විසිපන්දහකට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පෑමට සිදුවන බවද විරෝධතාකරුවන් මෙහිදී සඳහන් කළහ.

 



අදහස් (1)

වැලිතිප්පොළ වෙන් කරන්න ආ නිලධාරීන් පන්නා දමති

ravin Tuesday, 19 December 2023 06:35 PM

ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා .පහුගියකාලේ ඔතන සභාපතිව නේද අල්ලස් කොමිසමට අහු උනේ ?වැඩේ දේශපාලුවන්ගේ ගේම් එකක් විත්තිය දැන් දැන් ඔප්පුවෙන්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site