IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


විල්ගමු විදුහල්පතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ගුරුවරුන් මාරු කිරීම හා දේශපාලන බලපෑම් නිසා රාජකාරි කළ නොහැකියැයි කියමින් මාතලේ විල්ගමුව හඳුන්ගමුව මහා විද්‍යාලයේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විල්ගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හැරිස් අලගොඩ මහතාට අද යැවීය.

ඇතැම් දේශපාලන බලවතුන් මෙන්ම අධ්‍යාපන නිලධරයන් ද පාසලට පළා බෙදතියි විදුහල්පති චෝදනා කරයි.

රාත්‍රී කාලයේ පවා නොමිලයේ පන්ති පවත්වමින් පාසල ඉහළ මට්ටමකට පත් කළ විදුහල්පති ඉවත්වීම ගැන මව්පියෝ එක හඩින් විරෝධය පළ කරති.

ඔහුට විදුහල යළි බාර දී ගුරු හිඟය මග හරවන තුරු පාසල වර්ජනය කිරීමට සුදානම් බව ද ඔවුහු කියති.

දේශපාලන ඕනෑඑපාකම් මත ගුරුවරුන් දස දෙනකුම මෑතදී මාරු කර ඇතැයි ද ඔවුහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පෙරේරා පවසනුයේ විදුහල්පති දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යන බව තමා පාර්ලිමේන්තුවදීත්, අධ්‍යාපන කාර්යාලයේදීත් කියා ඇති බවයි.

විදුහල්පතිට එරෙහිව විවිධ චෝදනා ඇති බව ද මන්ත්‍රී කියයි.

විදුහල්පති මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

 

 



අදහස් (0)

විල්ගමු විදුහල්පතිවරයෙක් ඉල්ලා අස්වෙයි

කිවින් Thursday, 07 February 2013 02:21 PM

මේ වගේ දේවල් කරන දේශපාලුවන්ට නම් යහපතක් වෙන එකක් නෑ .(ස)

:       0       0

අරුන් Thursday, 07 February 2013 02:24 PM

කොයිබටද රට යන්නේ ? .(ස)

:       0       0

වරුණ Thursday, 07 February 2013 02:26 PM

ඔන්න ආදර්ශමත් මිනිස්සු . කොන්ද කෙලින් තියන් වැඩ කරන්න ඉඩ නැත්නම් අයින්වෙන එක තමයි කල යුත්තේ .(ස)

:       0       0

පද්මා Thursday, 07 February 2013 02:28 PM

විදුහල්පතිතුමා වෙන රටකට යන්න. ඔබේ සේවය ලබා ගන්නා හැටි ඒ අය දන්නවා .(ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Thursday, 07 February 2013 02:35 PM

විදුහල්පති තුමනි. මුදලට වඩා තනතුරට ගරු කරමින් ඔබතුමාගේ ඉල්ලා අස්වීම දේශපාලකයන් පවා නොකරන වැඩකි. .(ස)

:       0       0

සරත් Thursday, 07 February 2013 02:42 PM

දේශපාලනය කියන්නේ.........................(ස)

:       0       0

කුමාර Thursday, 07 February 2013 02:44 PM

රට කොහේටද යන්නේ? රට බේරාගන්න ඉන්න අයට මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

මහින්ද Thursday, 07 February 2013 02:48 PM

අනිවාර්යෙන්ම විදුහල්පති තුමා හරි..නමට දැන් ඉන්නේ මංත්‍රිලා..ඕකා ඉගෙන ගෙන නැතුව ඇති..පාර්ලිමේන්තුවට ගියාට .(ස)

:       0       0

ලලිත් Thursday, 07 February 2013 02:49 PM

උගතුන් කරනා දේ නූගතුන්ට රුස්සන්නේ නෑ කියලා කියනවනේ .(ස)

:       0       0

බණ්ඩාර Thursday, 07 February 2013 02:57 PM

ජනතාවනි, ආශ්චර්යයේ ගොඩක් දේවල් ඉදිරියේදී බලාගන්න පුලුවන්. (නි)

:       0       0

නිමල් Friday, 08 February 2013 04:51 AM

මේ විදුහල්පත්තුමා දේශපාළුවන්ට ඕන විදියට නටන්නේ නැතුව ඇති.(නදී)

:       0       0

චාමික Thursday, 07 February 2013 03:14 PM

දැන් හවස් වෙනකොට ප්‍රවෘත්ති වලට කියාවි, විදුහල්පති ඉල්ලා අස්වීම පිටුපස ඇති ඩොලර් කුමන්ත්‍රණ හෙළිවේ කියල. ඕක තමයි හැම හොද මනුස්සයටම කියන එකම දේ. හරිම කණගාටුයි රටට ගිය කල ගැන. .(ස)

:       0       0

තුෂාර Thursday, 07 February 2013 03:18 PM

ඔය වගේ ඉගෙන නොගත් දේශපාලකයන් නිසා තමයි මේ රට කවදාවත් දියුණු කරන්න බෑරි. ජනාදිපතිතුමනි මේ වගේ අය එලවල දාන්න කියලයි අපි විදේශ රටවල ඉන්දල ඉල්ලා සිට්න්නේ. විදුහල්පතිතුමනි,ඔබ නියම විදුහල්පතිවරයෙක් වගේම නියම ගුරු පියෙක්.ඔබට ආශිර්වාද කරනවා. .(ස)

:       0       0

සමන් Thursday, 07 February 2013 03:38 PM

ඔය ගහගන්න පාරවල් වදින්නේ විදුහල්පතිටවත් මන්ත්‍රීටවත් නෙවෙයි, වදින්නේ අහිංසක දුප්පත් ළමයින්ටයි. .(ස)

:       0       0

තිලකගේ Thursday, 07 February 2013 03:45 PM

ජරාජීර්ණ දේශපාලනයේ අතුරු ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

චින්තන Thursday, 07 February 2013 03:56 PM

ගුරු හිගයට විසදුමක් (දී)

:       0       0

සංජීව Thursday, 07 February 2013 03:58 PM

මේ ගුරුතුමා ඉන්න කාලෙ ළමයින්ගෙ ප්‍රතිඵල ඉතාම හොඳ වුණා. පව් ගමේ දුප්පත් ලමයි ටික, වල් අලි ගම වටකරගෙන ඉන්නෙ මේ පලාතෙ. ඒ වගේ තැනක වැඩ කරන කෙනෙකුට මල් පූජා කරන්න වටිනවා.කොහොම වුණත් පාඩුව ගමට, ගුරුතුමා කොහෙ ගියත් එතුමාගෙ උපරිම සේවය කරන බව නම් විශ්වාසයි. (නි)

:       0       0

වැලිගොඩ Friday, 08 February 2013 07:47 AM

ඔය නියාය පත්තරේ කියන්න ඇත්තේ මුහුනේ හැඩරුවට වෙන්න ඇති. සමහරු කලාමැදිරියන්ටත් බයයි කියනවනේ.(නදී)

:       0       0

සාලිය Thursday, 07 February 2013 04:28 PM

මහින්දගේ කතාව මමත් අනුමත කරනවා (ස)

:       0       0

මල්ෂා Thursday, 07 February 2013 04:39 PM

දැන්වත් ගමේ අය ඒකරාශී වී වැඩ කරන්න පාසල වෙනුවෙන් (ස)

:       0       0

නීල් Thursday, 07 February 2013 04:44 PM

කොට්ටාව පැත්තේ වෙන්නේ ඕකෙ අනෙක් පැත්ත. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 05:28 PM

තව ටික කාලයක් යනකොට විදුහල්පති තනතුරුවල‍ට මන්ත්‍රීලා පත් කරන්න වේවි (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 05:30 PM

කොහෙත් දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒක නවත්වන්න බෑ. එහෙම තියෙද්දි කොන්ද කෙලින් තියන් වැඩ කරන්නත් බෑ (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 05:31 PM

මෙහෙම ගියොත් විදුහල්පති පුටුවල වාඩි කරවන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවේ අය තමයි (ස)

:       0       0

ළමයෙක් Thursday, 07 February 2013 05:57 PM

අසරණ වෙන්නේ ළමයි (දී)

:       0       0

දර්ශන Thursday, 07 February 2013 05:58 PM

ඒ ව‍ගේ කොන්දක් අපේ දේශපාලකයින්ටත් තිබුණානම් කොච්චර හොඳද ? (ස)

:       0       0

නිත්‍යා Friday, 08 February 2013 10:05 AM

ඔබතුමා ගත් තීරණය හොඳයි. නමුත් මේ දුෂිත සමාජය ඔබතුමාට තනිව වෙනස් කර නොහැකියි.කෙසේ වෙතත් ජීවිත ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. (ස)

:       0       0

තිලකගේ Thursday, 07 February 2013 08:12 PM

විදුහල්පතිතුමනි පරිස්සමින්. විෂ ඝෝර සර්පයෝ හැමතැනම.(නදී)

:       0       0

තිලක් Thursday, 07 February 2013 08:29 PM

දේශපාළුවෝ නැත්නම් මේ ලෝකේ කොච්චර පාළු වෙයිද?(නදී)

:       0       0

උපාලි Friday, 08 February 2013 12:12 AM

ලලිත්ගේ කතාව ඇත්ත. විදුහල්පති ගැන කටයුතු කරන එක අධ්‍යාපන බලධාරීන්ට දීලා දේශපාලකයින් පැත්තකට වියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site