(එස්.ජි.උබේපාල, බී.ජී .චතුරංග, දයාරත්න ඇඹෝගම, රොමේෂ් මධුෂංක සහ රෝණ චන්ද්‍රදාස )
අනුරාධපුර - පදවිශ්‍රීපුර මාර්ගයේ රඹෑව වැලිඔය ප්‍රදේශයේ දී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් හතර දෙනකු පමණ මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ජනකපුර සිට පදවිශ්‍රීපුර හරහා කොළඹ බලා ධාවනය වූ බසයක් සහ අක්කරපත්තු සිට යාපනය දක්වා ධාවනය වූ ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මුලතිව් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බසය වවුනියාවේ සිට කොළඹ පෞද්ගලික බසයට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලංගම බසයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුව අවස්ථාවේ බස් රථ තුනේම 100කට අධික මගීන් ප්‍රමාණයක් ගමන් කර ඇතැයි දැනගන්නට ඇත.
මියගිය අය අතර ලංගම බස් රථ දෙකේ රියැදුරන් සිටින බවට තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.
(දර්ශන: රොමේෂ් මධුෂංක)



රෝමේෂ් මධුෂංක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් යන හැටි මග දිගේ තියෙන CCTV අරගෙන පරීක්ෂා කරල බලන්න, අනතුරට කලින් රියදුරු බස් එක ගෙනිච්ච හැටි. අපරාධකාරයෝ අල්ලන්න මේක කරනවා. මගී බස්වලත් CCTV අනිවාර්යය කරන්න කාලේ හරි.
මේ ළඟදී ආපදාවලින් මැරෙන කට්ටියට ගෙවන ගාණ වැඩි කළා කියපු නිසා ආසාවට හප්පගත්තද මන්දා?
ඉතාම කනගාටුයි.