IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වීර සෙබළුනට උපහාර

මුලතිව් කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ අඩි 30ක් ගැඹුරු අනාරක්ෂිත ළිඳකට  වැටුණු  මාස 14 ක බිළිඳියකගේ දිවි බේරාගත් හමුදා සාමාජිකයන් සිව් දෙනකුට හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා  අද(16) උපහාර දැක්වීය.

ජීවීත අවධානම නොතකා  කඹයක ආධාරයෙන් ළිඳට බැස එක් අතකින් කඹය අල්ලා අනිත් අතින්  සිහිසුන්ව සිටි ළදැරිය ඔසවා ඇයට ප්‍රථමාධාර දෙමින් සෙසු සෙබළුන් දෙදනකුගේ උපකාර ඇතිව ඇය ගොඩට රැගෙන ආ 4 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ එම් ජී එස් එස් සංජීව ට ප්‍රණාම සහතික පිරිනමා ඔහු ලාන්ස් කෝප්‍රල් නිලයටද උසස් කැරිණි.

මේ වීර ක්‍රියාව අගය කරමින් සංජීව රණවිරුවා වීරෝධාර පදක්කම නිර්දේශ කොට ඇති බව ද හමුදාව පවසයි.

කණ්ඩායමේ  සෙසු සාමාජිකයින් වන දෙවැනි ලුතිනන් එච් ආර් එන් සංජීව, සැරයන් ඩබ්ලිව් ජී එන් විජේසිංහ,කෝප්‍රල් එච් ජී එස්  හේවාතිලක යන රණවිරුවන්ද එහිදී හමදාපතිගේ ඇගයීමට ලක් විය.

 ඉකුත් තුන් වැනි දින ද කිලිනොච්චියේ මාන්කුලමේදී ද අඩි 25 ක් පමණ ගැඹුරු වගා ළිදකට වැටී සිටියදී අවුරුද්දයි මාස හයක් වයැසැති සින්දුජන් සිවකුමාර් දරුවාගේ ද  දිවි බේරා ගැනීමට කිලිනොච්චි 574 වැනි බළසේනාවේ සෙබළුන් දෙදෙනක් සමත් වුහ. ඔවුන්ට ද හමුදාපතිවරයාගේ උපහාර හිමිවිය.

IMG_4386 IMG_4387 IMG_4398

 

 



අදහස් (0)

වීර සෙබළුනට උපහාර

විරාජ් Friday, 17 October 2014 02:02 AM

මෙවන් ඇගයීම් අන් අයගේ චිත්ත ධෛර්යය නැවත ඉහළ නැංවීමක් වෙනවා . (නි)

:       0       0

අශෝක Friday, 17 October 2014 03:14 AM

ගාමිණී මහත්තයෝ, ඒ උසස්වීම තමා කෝප්‍රල් විදියට එයාට ලැබුනේ (නි)

:       0       0

සංජය Friday, 17 October 2014 04:31 AM

අශෝක මහත්තයෝ, ඔයාට තේරුම් ගිහිල්ලා නැහැ ගාමිණී සිරිවර්දන කියන්නේ මොකද්ද කියලා (නි)

:       0       0

සුදත් Thursday, 16 October 2014 02:48 PM

ඇත්තටම හොදයි.(හේ)

:       0       0

කුමාරි Thursday, 16 October 2014 03:24 PM

අපේ හමුදා සොයුරන්ට රටේම උපහාරය! අපි ළඟ ජාති බෙදා නැහැ කියා ඔබලා තව වරක් මතක් කළා අන්දයින්ට.(හේ)

:       0       0

සඳුනි Thursday, 16 October 2014 03:35 PM

ටී එන් ඒ එකට කියන්න වහාම යුරෝපා රටවලට දන්නන්න කියල. හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත්වීම බරපතල වරදක්.බිළිඳිය මලානම් හොදයි කියලා. (අ)

:       0       0

ගාමිණී- සිරිවර්දන Thursday, 16 October 2014 03:37 PM

ක්‍රිකට් ගැහැව්වා නම් ලුතිනන් තනතුරු.ජීවිතය පරදුවට තබා ප්‍රාණයක් බේරා ගත්තාට ලාන්ස් කෝප්‍රල්.අඩුම තරමේ සැරයන් තනතුරට හෝ උසස් වීමක් දුන්නා නම් තමයි වටින්නේ ! (අ)

:       0       0

අජිත් Thursday, 16 October 2014 03:42 PM

කෝමේ ජාතිවාදියෝ ටික සැද්දේ නැද්ද (අ)

:       0       0

අතුල Thursday, 16 October 2014 03:45 PM

වීර කොල්ලෝ ටිකක් (අ)

:       0       0

අරුණ Thursday, 16 October 2014 03:46 PM

හැදූ වැඩූ මව්පියන්ටත් හරිම ආඩම්බරයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site