IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ

 

(සුජිත් හේවාජුලිගේ)

ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරවීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති හතරක් සඳහා  වාරිමාර්ග අමාත්‍යාංශය  පසුගිය   වසර 14 ක කාලයේදී   රුපියල් කෝටි නව දහස් විසි නවයකට  වැඩි මුදලක් වැය කර ඇතත් මේ මුදලින්  ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම ව්‍යාපෘති හතර සැලසුම් කළ කාලය මෙන් දෙගුණයකටත් වැඩි කාලයක් ගතවී තිබුණද  නිම කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මෙසේ නිම කර නැති අනෙක් ව්‍යාපෘති දෙක වන්නේ තල්පිටිගල  ජලාශය( ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් කෝටි 15391කි)  සහ ඵලදායීතා ප්‍රවර්ධන සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියයි.

එසේම එම ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී මූලික අරමුණු යටතේ හඳුනාගෙන තිබූ ආර්ථික වාසි සැලසුම්සහගත පරිදි ලබා ගැනීමට නොහැකිවී තිබුණු බවද  එහි සඳහන් වෙයි.

මේ අතර ලෝක බැංකු ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යාංශය 2014  සිට 2021 දක්වා ක්‍රියාත්මක කර තිබූ දේශගුණික අවබලපෑම්  අවම කිරීමේ ව්‍යාපෘතිය 2021 වර්ෂය තුළ අවසන් කර තිබූ නමුත් එකී ප්‍රතිපාදන යටතේ 2015, 2019 වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබූ කොන්ත්‍රාත් පැකේජ 15 ක් සඳහා රුපියල් කෝටි නවයක් වැය කර තිබුණද වැඩ අවසන් කිරීමකින් තොරව අතරමග නවතා තිබූ බව  විගණන අංශ පවසයි.

ඒ අනුව අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකිවී තිබුණු බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ වාරිමාර්ග අමාත්‍යාංශයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.



අදහස් (2)

වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ

cc Monday, 14 November 2022 12:34 PM

දේශපාලන නායකයින් කරන ලද වැරැදි සංවර්ධන ප්‍රමුඛතාවලට කදිම උදාහරණ මෙයින් පෙනේ... මෙවැනි අදූරදර්ශී දූෂිත ව්‍යාපෘති අපේ රට අනාථ කර ඇත. දැන්වත් රටේ මහජනතාව මේවා තේරුම්ගෙන සුදුසු වැඩපිළිවෙලක් සහිත විශ්වාසය තහවුරු කළ හැකි නායකයින් ඉදිරියේදි පත්කර ගත යුතුයි. දේශපාලකයින්ගේ සියළු වැරැදිවලට රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුවී ඇත. ජනතාවට මොලේ පෑදේවා..!

:       1       8

sharm warn Tuesday, 15 November 2022 09:53 AM

ඇත්තටම මෙ රටෙ මහජන මුදල් විනාශ කරන එකේ සීමාවක් නැඩ්ද? දේශපාලුවො එක පැත්තකින් කනවා.. එවුන්ගෙ ආදර්ශය අරන් යටින් ඉන්න නිලධරියො ත් එ සෙල්ලම ම කරනව.. අපි බදු ගෙවලම මැරෙනව..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 313 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 661 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site