IMG-LOGO

වාර විභාගය අස්සේ ගුරුවරු සීයක් වර්ජනයේ

නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නවය වසරේ සිසුවකුගේ කනට පහර දුන්නැයි කියන ගුරුවරයකු රිමාන්ඩ් කිරීමෙන් පසුව විදුහලේ ගුරුවරු 111 දෙනෙක් අද වැඩ වැරූහ.

වාර විභාගය ද පවතිද්දී මේ තත්ත්වය උදා වූ බවත්, අංශ භාර ගුරුවරුන් 11 දෙනකු පමණක් පැමිණි බවත් විදුහල් ආරංචි කියයි.

 

 



අදහස් (0)

වාර විභාගය අස්සේ ගුරුවරු සීයක් වර්ජනයේ

කසුනි Wednesday, 23 July 2014 12:34 PM

චමින්ද, සුරංගනා කතා නොකියා ඉන්නවද? (නි)

:       0       0

ප්‍රබාත්.. Wednesday, 23 July 2014 01:09 PM

කසුනි ඔයාල සුරංගනා කතා අහල නෑ. ඔයාල මේ ඊයේ පෙරේද උපන්න අය නිසා ඕව දන්නෙත් නෑ. චමින්ද කියල තියෙන දේ ඇත්ත. මොකද මමත් මම ඉගෙන ගත්ත පාසලේ විදුහල්පති තුමාගෙන් හොදට ගුටි කාපු කෙනෙක්. පන්තියේ කෙනෙක් කරපු වැරැද්දකට මුළු පන්තියටම 2 ගානේ වැදුනා. පන්ති නායකයා වෙච්ච මට 3ක් හම්බ උනා. මෙතන වැදගත්ම දේ මගේ ඉස්කෝලේ ඒ අවදියේ අපිට දඩුවම් කරපු විදුහල්පති තුමා මගේම පියා වීමයි. ඔයාල සින්තටික් යුගයේ උපන්න අය නිසා ඕව තේරෙනව අඩුයි.(නදී)

:       1       0

මොහාන් Wednesday, 23 July 2014 05:47 AM

රට සුභ අනාගතයක් කරා පාතබන බව පෙනෙනවා (නි)

:       0       0

සුනිල් Wednesday, 23 July 2014 06:51 AM

එහෙනම් ඉතින් දරුවෙකුට කනට ගහපු එක හරි කියල වෙන්න ඇති අනික් ගුරු මෑණිවරු ගුරු පියවරු කියන්නේ. ඒ දරුවාගේ දෙමාපියන්ට මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද? මේ ගොල්ලන්ගේ දරුවෙකුට කවුරු හරි කනේ පාරක් ගැහැව්වොත් කොහොම මෙයාලට හිතේවිද? ගුරුවරු කියල අද උගන්නන්න එන හැමෝම ගුරුවරයා කියන උතුම් පදවියෙන් පිදුම් ලබන්න සුදුසු අය නොවේ. විභාගයක් පාස් උන පලියට ගුරුවරයෙකු වෙන්න බැහැ (නදී)

:       0       1

චමින්ද Thursday, 24 July 2014 08:53 AM

චාමික, ඔය චක්‍රලේඛන කියන ඒවා අපි ඉස්කෝලේ යන දවස් වලත් තිබුනා. එ්ත් අපේ දෙමව්පියෝ, අපිට ගුරුවරු දඩුවම් කරයි කියලා,ගුරුවරුන්ව මට්ටු කරන්න ගියේ නැහැ අදකාලේ වගේ. ඒ ගුරුවරු නිසයි අද අපි කාටවත් කරදයක් නැතුව හොදින් ජීවත් වෙන්න පුරුදු වුනේ. මාව යහමගට ගත්ත මගේ දෙමව්පියන්ටත්,මට දඩුවම් කරපු ඒ ගුරුවරුන්ටත් මම අදත් මල් තියලා වදිනවා. මම හිතන්නේ ඔබ තාම ලාබාල වැඩියි මේවා තේරුම් ගන්න. ඔබේ දරුවෙක් යම් දවසක දඩාවතේ ගියොත් ඔබටත් තේරේවි ගුරුවරු දඩුවමක් නොදුන් එකේ පල විපාක සහ ගුරුවරු මට්ටු කරන්නට යාමේ පල විපාක. (නදී)

:       0       0

චමින්ද Wednesday, 23 July 2014 08:31 PM

කසුනි,ප්‍රභාත් ඔයාට උත්තර දීලා තියෙනවා.ඒ නිසා මට කියන්න දෙයක් නැහැ.ජයවේවා ! (නි)

:       0       0

සුසන්ත Wednesday, 23 July 2014 08:40 PM

ගැහැණු ළමයි කොහෙද ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙන්නේ.මේවා ඉතින් කාන්තා පක්ෂයට සුරංගනා කතා වගේ තමයි. (නි)

:       0       1

චාමික Wednesday, 23 July 2014 07:30 AM

අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛනයේ තිබෙනවානේ දරුවන්ට දඩුවමක් කිරීමට අවශ්‍ය නම් එය සිදු කල යුතු ආකාරය. ඒවා එහෙම තිබෙන්නේ ළමුන්ගේ ආරක්ෂාවට එවැනි නීති අවශ්‍ය නිසා. අනවශ්‍ය නම් චක්‍රලේඛනය අහෝසි කරලා දාන්න තිබුනනේ. කිසිවෙකුටත් නීතියට ඉහලින් යන්න අයිතියක් නැහැ. ගුරුවරයා වෘත්තිකයෙක්. ඔවුන් අදාල වෘත්තීය නීතින් පිලි පැදිය යුතුයි. ඒවා උල්ලංගනය කරනවා නම් ගුරුවරයා වුවත් දඩුවම් වලට යටත් විය යුතුයි. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 26 July 2014 02:02 AM

චාමික, ඔබේ උත්සාහය අගය කරනවා. සමහර අයට බොහෝ දේ තේරුම් කරන්න අපහසුයි. අඩුවෙන් හිතලා, දකිනදේට ඔහේ ලියනවා. මොනවා කරන්නද? මෙහෙම අය ඉන්න රටක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

චාමික Thursday, 24 July 2014 01:57 AM

එදා දුම් බීම විලාසිතාවක් වුනාට අද එය සලකන්නේ නරක පුරුද්දක් විදියට. එදා කරත්තේ ගියාට අද කරත්තේ යන්න ඕනේ නෑ. එදා ලාම්පු එළියෙන් පොත් කියෙව්වට අද එහෙම ඕනේ නෑ. රජ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමාගේ ගෙදර බැල මෙහෙවර කරමින් ඉගෙන ගන්න සිදුවුනට අද එහෙම නෑ. ප්‍රබාත්, චමින්ද, සුසන්ත ඔයාල ඒ කාලේ නිකරුනේ කලිසමේ මුත්‍රා යනකම් ගුටි කෑවට අදත් එහෙම වෙන්න ඕනේ නෑ. කාලයත් එක්ක සමාජ පරිවර්ථන සිදුවෙනවා. හණමිටිය කරේ තියාගන්න එපා. කව්රු වුනත් අධ්‍යාපන අමත්‍යංශයේ චක්‍රලේඛ්නයට පිටින් සිසුන්ට දඩුවම් කරනවා නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.(නදී)

:       0       0

සම්පත් Wednesday, 23 July 2014 08:39 AM

කරුණාකර ගුරු ගෞරවය රැකගෙන වැඩකරන්න. නැත්නම් මේ ගොල්ලොත් බස් රියදුරෝ ගානට වැටෙයි. උසාවියේ තීන්දුවට ගරු කරන්න. රටට වැරදි ආදර්ශයක් දෙන්න එපා. (නදී)

:       0       0

චමින්ද Wednesday, 23 July 2014 09:27 AM

අද කාලේ හැටියට කනට ගහන එක නම් ඒ තරම් හොද මදි. එ්ත් අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ගෙන් ගුටිකාපු විදිය බැලුවොත්, ගුරු මණ්ඩලයේ භාගයක්ම එහෙනම් රිමාන්ඩ් එකේ. විදුහල්පති තුමා දවසක් මට වේවැලෙන් තට්ටම් දෙකට ගහපු ගැහිල්ලට කලිසමේ මුත්‍රාත් ගියා. අම්මා තමයි ගෙදර ගිහිල්ලා තෙල් ගෑවේ. වැඩේ කියන්නේ අම්මත් එම පාසලේම මගේ පන්තිබාර ගුරුවරිය. ඇය තමයි මම ගැන විදුහල්පතිතුමාට පැමිණිලි කරලා තියෙන්නේ. (නදී)

:       0       0

චාමික Friday, 25 July 2014 12:21 AM

චමින්ද, මේ සමාජයේ හැමදාම අහන්නේ මොනවද ? ඔබේ පැසුණු බුද්ධියෙන් හිතලා බලන්න පුළුවන් කැමති නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 0 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 267 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 424 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1177 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 284 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 617 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1404 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site