IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වරෙන්තුවට ඇල්ලුවැයි පවුලේ අය පොලිසියේ යකා නටලා

(ප්‍රසාද් රුක්මල් )

අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ලබා සිටි වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගත්තැයි ඇල්ල පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට අඩත්තේට්ටම් කළැයි කියන මවක, පුතකු සහ දියණියක අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

ඇල්ල උඩඅරාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මවක, 23 හැවිරිදි පුතකු සහ 16 හැවිරිදි දියණියක මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැලිමඩ අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිට අධිකරණය මගහැරියයි වැලිමඩ අධිකරණය මගින් මෙසේ විවෘත වරෙන්තු දෙකක් ලබා පොලිසියට කට්ටි පනිමින් සිටියදි ඇල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල උඩඅරාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය පැවසීය .

මෙම වරෙන්තුකරු ඇල්ල නගරයේ ගැවසෙන බවට ලද තොරතුරක් මත ඇල්ල පොලිසියේ නිළධාරින් පිරිසක් සැකකාර වරෙන්තුකරු මෙසේ ඇල්ල නගරයේ දී අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කලේය .

අනතුරුව ඇල්ල පොලිසියට පැමිණ අත් අඩංගුවට ගත් වරෙන්තුකරුගේ මව, නැගනිය සහ මල්ලි   අත් අඩංගුවට ගැනිමට විරුද්ධ වී පොලිසිය තුල කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට අඩත්තේට්ටම් කළ බව පොලිසිය පවසයි .

 



අදහස් (2)

වරෙන්තුවට ඇල්ලුවැයි පවුලේ අය පොලිසියේ යකා නටලා

Saba Warsha Friday, 31 October 2025 04:12 PM

අපේ මනුවරණ සහෝදරයා නෙමෙයිනේ? උන්නැහෙත් වරෙන්තු පිට ඉන්න හින්දයි ඇහුවේ...

:       4       6

Neel Friday, 31 October 2025 04:32 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්. ඇට පිටින් ගැහුවහම ඔහොම වෙනවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1772 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1455 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site