IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙරළ වොලිබෝල් තරගාවලියේ සියලූ ගෞරව ශ්‍රී ලංකාවට

හම්බන්තොට වෙරළ තීරයේදී දැන් පැවැත්වෙන පළමුවැනි දකුණු ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් පිරිමි හා කාන්තා අවසන් මහා තරග දෙකටම ශ්‍රී ලංකාවේ කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ. ඒ අනුව වොලිබෝල් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් හිමිකර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. පිරිමි තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා I වැනි කණ්ඩායම ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල ගෙන්ද, ශ්‍රී ලංකා II වැනි කණ්ඩායම සම්පත් පීරිස් සහ පුබුදු ඒකානායක ගෙන්ද සමන්විතවෙති. කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා I වැනි කණ්ඩායම නියෝජනය කරමින් ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ ද  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් II වැනි කණ්ඩායම සාගරිකා ගුණසිංහ සහ ඩබ්. සුජීවා ද තරග වදිති. මෙම අවසන් තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඡයාරූපය: ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගිවු තරගය (ඡයාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

වෙරළ වොලිබෝල් තරගාවලියේ සියලූ ගෞරව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 119 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site