IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාර්ෂික ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට  වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්  බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 

කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

බදු හඳුනාගැනීමේ අංකයක් (TIN number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.



අදහස් (5)

වාර්ෂික ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතුයි

Kospelawattage Perera Wednesday, 03 January 2024 09:34 AM

ගෙවල් කුළියයි , ළමයින්ගේ වියදමයි , ආහාර පාන සහ වෛද්‍ය බිල් වලටයි මාසෙකට ලක්ෂය මදි .ඉතින් කොහොමද තව බදු ගෙවන්නේ.ාම් සීමාව රු.150,000වත් විය යුතුයි නේද ?

:       2       10

Gamaethige.K.G.R.S.K. Wednesday, 03 January 2024 09:35 AM

මට ජීවත් වීමට රටක් අවශ්‍යයි. එයට දෙමව්පියන්ට හා දරුවන්ට මෙන් ආදරය කල යුතුයි. එනම් බිහිකල දෙමාපියන් යනු රටේ පූර්ව ප්‍රථිපත්ති ලෙස සැලකීමටත් , දරුවන් යනු වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිද ලෙස සැලකීමටත් සිදුවේ. මන්ද යත් මේ දෙකම බිහිකලේ අපි වන නිසාවෙනි. අපි දෙමාපියන්ගේ වැරදි සෙවීමෙන් හෝ දරුවන් දෙමාපියන්ගේ ආභාෂය ගනු ඇතැයි සීතීමෙන් මෙම ප්‍රශ්ණයට විසඳුම් නොලැබේ. අපේ පවුල රැක ගැනීමට නම් අපි කැප කල යුතුයි. අපි යනු ජනපතිගේ සිට හෙට උපදින්නා දක්වා. මේ සඳහා භාවිතා කරන සැලසුම පවුලට විශ්වාසය ඇතිකල යුතුයි. එය දකින්න ආසයි. සහය වන්න කැමතියි. පලමුව අදහස් ගන්න සැලසුම හදන්න.

:       5       2

Rata Perata Wednesday, 03 January 2024 01:04 PM

අපි එකපාරක් ඉන්න රටක් ඕනෑ කියලා එකෙක් ගෙනාවා. ඒ මනුස්සයා තව අපතයෙක් ගෙනාවා. තවමත් අං තට්ටුව බිම තියන්න බැරි කාලකණ්ණි දැන් හිතන්න ඕනෑ... මැරෙන්න හරි රටක් තියෙන්න ඕනෑනේ කියලා...

:       2       4

Rohana Wednesday, 03 January 2024 02:15 PM

දැන් ඉතින් බදු මානසිකත්වයෙන් පෙලෙන රනිල් රාපක්ෂලගේ ආණ්ඩුවට බදු ගෙවන්න කියනවා. හැබැයි ඡන්දේ ඉල්ලුවේ මව්බිම බේරාගත් වීරයාට සලකන්න කියලා. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම කියලා පපුවේ අතගහගෙන ජනතාවට බොරු දෙසා බෑවේ... කන්න නැතත් ඉන්න රටක් තියෙනවානේ. කියලත් කිව්වා...!

:       0       1

don Wednesday, 03 January 2024 04:40 PM

මට නම් මතක 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ කන්න නැතත් කමක් නෑ.. ඉන්න රටකුයි ඕනෑ කියලා. දැන් හැබැයි ගොඩක් ලංකාවෙන් යන්නේ ඒ 69 ලක්ෂයේ කට්ටිය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site